39 🌹

1.3K 172 262
                                    

අද දෙසැම්බර් එකොළහ ජානුගේ විසි දෙවෙනි උපන්දිනේ ඉතින් ටෙරාන් උදෙන්ම ජානුව බලන්න යන්න ලෑස්ති වුණා . ගත වුණු මාස දෙකක කාලෙ ඇතුළත විශේෂ දෙයකට සිද්ද වුණේ ටෙරාන් අවුරුද්දක Hotel management diploma එකක් පටන් ගත්ත එකත් අභිත්ගේ අම්මගෙන් දකින දකින පාරට අභිත්ට ඇනුම් පද අහන්න සිද්ද වුණු එකත් විතරයි.

ටෙරාන් කැමැත්තෙන් වගේම උනන්දුවෙන් diploma එකේ වැඩ කරන නිසා අභිත් හිටියෙත් සතුටින්. කලින් ටෙරාන්ගේ වදේ නිසාම ටෙරාන්ට කරන්න දුන්න office එකේ පොඩි පොඩි වැඩවලින් පවා හිමින් සැරේ ටෙරාන්ව ඈත් කරපු අභිත් ටෙරාන්ට full time එයාගේ studies වලට focus එක දෙන්න ඉඩ හදල දුන්නා.

ගෙදර යන්න ලෑස්ති වෙලා කොණ්ඩෙ පීරන ගමන් හිටිය ටෙරාන් ගාවට ආව අභිත් ටෙරාන්ව back hug කරන ගමන් ටෙරාන්ගේ උරහිසින් නිකට තියල බෙල්ලට කිස් එකක් දුන්නා.

" සුවදයි.. "

" කෝ... ඔයාගෙ කොණ්ඩෙත් පීරන්නද ?"

" එපා. ඔහොම ඉන්නකෝ. "

" මොකෝ දැන් දුකින් වගේ ඉන්නේ.."

" මාත් එන්නම්කෝ... "

" එපා අභූ. මුලින්ම මන් කතා කරල ඉන්නම්කෝ. ඇත්තටම මට හිතාගන්න බෑ අපේ අම්මා මේකට කොහොම react කරයිද කියලා. ඔයාලගේ අම්මා රට රටවල් වල ඇවිදල ඕන තරම් මිනිස්සු ආශ්‍රේ කරලත් මන් දිහා බලෙන්නේ සතෙක් දිහා බලනව වගේ. එහෙම එකේ ගේ අස්සටම වෙලා ඉන්න මෙලෝ සමාජ ආශ්‍රයක් නැති අපේ අම්මා කොහොම හැසිරෙයිද ?"

" ම්ම්ම්... ඒක නිසාමයි බබා මන් ඔයාව තනියම යවන්න අකමැති. "

" මන් කැමති නෑ ඔයාගේ හිත රිදෙන දෙයක් වෙනවට. "

" මන් කැමතිත් නෑ... "

" නෑ නෑ එහෙම මුකුත් වෙන්නෑ. අපි positive විදියට හිතමුකෝ. හරිද ? "

" හැබැයි ප්‍රශ්නයක් උනොත් මට call කරන්න ඕනේ. තනියම ඉන්නයි , මාව මග අරින්නයි නම් ලෑස්ති වෙන්න එපා. "

" හරි හරි අනේ... "

" නංගා මොකද කිව්වේ ?"

" එයා අම්මා එක්ක තාම මුකුත් කියන්න ගිහින් නෑ. අවුලක් උනොත් ටික දවසක් දෙන්න එයා ශේප් එකක් දාලා දෙන්නම් කිව්වා. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now