11 🌹

1.6K 184 74
                                    

ටෙරාන් site එකට එනකොට උදේ 8 ත් පහුවෙලා තිබුණා. හම්බෙන හම්බෙන කෙනාට දැන් හොදයි කිය කිය Office එක ඇතුළට ගිය ටෙරාන් නත්තලට office එක සරසල තියනව දැකල පුදුම වුණා. මොකද එයා ඊයේ හවස එනකොටත් මේ කිසි දෙයක් ලෑස්ති කරල තියනව එයා දැක්කේ නෑ. අනික සිතූ අක්ක කිව්ව විදියට එයාලා කඩුවෙල Main office එකේ Christmas ,  New year celebrations ගත්තට තාවකාලිකව හදන site office වල ඒ දේවල් කරන්නේ නෑ.

ටෙරාන් ඇතුළට අඩිය තියනකොටම නත්තල් ගහ වටේ කැරකි කැරකි හිටිය ධනුෂ් ඇවිත් ටෙරාන් චුරු චොප්පන් වෙලා යන්න බදා ගත්තා.

" අනේ පොඩි එකෝ... අපි ඔක්කොම ඊයෙ ඔයා එනකන් බලන් හිටියා. දැන් කොහොමද අව්ලක් නෑ නේද ?"

" ධනුෂ් කොල්ලට හුස්ම ගන්න බැරි වෙයි බන්."

පැත්තක හිටිය ඔනෙලි අක්කා කෑ ගහනකොට ධනුෂ් ටෙරාන්ව අත ඇරලා ආයෙම කරට අත දාගත්තා.

" දැන් හොදයි අයියේ. ඊයෙ 6.30 විතර වුණා office එකට එන්න. "

" අප්පා හවස බස් එකේ යන්න වුණාම එපා වෙන්න ඇති නේද ?"

" නෑ අව්ලක් වුණේ නෑ අයියේ..."

" බොසා දවසම වැඩ පාඩු කරන් ඔයා ගාවට වෙලා හිටිය කිව්වමත් පුදුමයි. "

" නෑ සර් meeting වගේකට එහෙම නම් ගියා. "

හේතුවක් හිතා ගන්න බැරි වුණත් තමුනුත් අභිත් සර්ත් ගොඩක් ළගින් ආශ්‍රේ කරා කියල අනිත් අයට කියන්න ටෙරාන් අදිමදි කරා.

" මන් bag එක තියල එන්නම්. අද වැඩ ගොඩක් තියනවා කරන්න."

කට්ටියට කියල එයාගේ table එක ගාවට ආව ටෙරාන් bag එක තියල ආයෙම එන ගමන් අභිත්ගේ cabin එක ඇරල ඔලුව දැම්මත් අභිත් තාම ඇවිත් හිටියේ නෑ.

" මේ මමනේ මුලින්ම ආවේ හරිද ? මම එනකොට 7.30 ට විතර ඇති. එතකොටත් ඔක්කොම සරසල ,  dinning table එකත් ready කරලා , christmas tree එක වටේ ගිෆ්ටුත් තියල තිබ්බේ. අපි හැමෝගෙම නමට gift තිබ්බා ඒත් ටෙරාන්ගේ නමට එකක් තිබ්බේ නෑ නේ. "

Dinning table එක වටේ ඉදගෙන ඉන්න ඔක්කොටම ඇහැන්න ඔනෙලි කට හද හද කියනකොට හිනා වෙවී හිටිය ටෙරාන්ගේ මූණ කළුවෙලා ගියා.

" සර් ආවෝ...  කට්ටිය එන්න ඉස්සරහට සර්ට කතා කරන්න ඕනෙලු. "

නිත්‍යා අක්කා ඇවිත් කතා කරහම ඔක්කොම ඉස්සරහ නත්තල් ගහ ගාවට ආවා.
අභිත් ටෙරාන් දිහා බලල ලස්සන හිනාවක් පා කරල අරිනකොට අභිත්ට ඔරවපු ටෙරාන් ගිහින් ධනුෂ්ගෙයි නිත්‍යගෙයි මැද්දෙන් හිටගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now