43 🌹

1.2K 150 177
                                    


" ශ්‍රී... ඔයා අඩනවද ?"

".........."

" නෝනේ... "

අභිත්ගේ අප්පච්චි කාමරේට එනකොට අභිත්ගේ අම්මා හිටියෙ නයිටි එක පිටින් ඇදේ ඉදගෙන අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන ගමන්. ඇදේ අම්මගෙ එහා පැත්තේ තියන අභිත් nursery ගිය පලවෙනි දවසේ පවුලේ තුන් දෙනා ඉදල ගත්ත frame කරපු පොඩි photo එක නිසා නෝන අඩන හේතුව මොකක්ද කියන්න මංචනායකට තේරුම් ගියා.

නෝනගෙ ඔලුව අතගාන ගමන්ම මංචනායක ඇදේ එයාගේ එහා පැත්තෙන් වාඩි වුණා.

" ශ්‍රී ඇයිමේ... "

" ඔයාට දුක නැද්ද දයේ ?"

" ම්ම්ම්... "

"අපි පුතාට ඕන තරම් දුරක් පියාඹන්න ඕනවටත් වඩා නිදහස දුන්නා දයේ.. ඒත් දැන් අපේ පුතාට ආයෙම ගෙදර එන්න පාර මතක නැති තරම්ම දුරක් ගිහින්ද දයේ.. "

" ම්ම්ම්... "

" ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තේ... ඔයා හිතන්නේ එයා කරන මේ දේවල් හරි කියලද ?"

" අපිට දවස් දෙක තුනකට පාරක් , කොහෙදි හරි පුතාව මුණ ගැහෙනව නේ ශ්‍රී.. "

" ඒකද අම්මගෙක්ගේ පුතෙක්ගේ බැදීම කියන්නේ... අහ්හ්හ්...  පුතා marry කරපු දවසක එයාව අපේ ගාව රදවගන්න මට උවමනාවක් නෑ. ඒත් මේ අවුරුදු තිහෙනුත් දහයක්ම එයා හිටියේ අපෙන් ඈත් වෙලා... ඉතුරු ජීවිත කාලෙත් එයා එහෙම ඉදී...

අපි සතුටින් එක කෑම මේසෙක ඉදගෙන කෑමක් කාලා කොච්චර කාලයක් ගිහින් ඇත්ද ? අපි පවුලක් විදියට trip එකක් ගිය දවසක් වත් ඔයාට මතකද ? Business ගැන වට පිටේ ලෝකේ ගැන , මිනිස්සු ගැන නොහිතා අපි තුන් දෙනාගේ ලෝකේ ඇතුලේ අපි තනි වෙච්ච දවසක් ඔයාට මතකද ? අහ්හ්...

මට මේ හම්බ කිරිල්ල ඇති දයේ... අපි මේ ඔක්කොම විකුණල දාලා වෙන කොහෙ හරි රටකට ගිහින් ජීවත් වෙමු. මේ සල්ලි හොදටම ඇති , පුතාගෙන් පස්සෙත් තව පරම්පරා තුනකට වත් සැනසීමෙන් ජීවත් වෙන්න. "

" ඇයි දැන් එක පාර මෙච්චර කලබල වෙලා තියෙන්නේ ? ම්ම්ම්... මොකෝ වුණේ එකපාරටම ? පුතා එයාගේ අලුත් Business එක පටන් ගත්තා විතර නේ ශ්‍රී.. අපි කොහොමද දැන් එයාට ඒ ඔක්කොම එකපාර අතඇරලා දාන්න කියන්නේ..."

අභිරන් | Sinhala BLWhere stories live. Discover now