54 🌹

937 135 89
                                    


වෙනටද ඇදට වැටුණු ගමන් නින්ද යන ටෙරාන්ගේ අහලකටවත් අද නින්දක් නොආවා. ගොඩකාලෙකට පස්සේ සිද්ධ වුණු එකතු වීම නිසා ටෙරාන්ගේ ඉණෙන් පහළ රිදුම් දුන්නත් හදවතේ වේදනාව ඊට වඩා සෑහෙම වැඩි නිසා ඇගෙන් දැනෙන වේදනාව යටපත් වෙලා ගියා.

අභිත්ට නින්ද ගියා කියලා තේරෙනකන්ම අභිත්ට පිටුපාලා නිදාගෙන හිටිය ටෙරාන් එයාගේ බෙල්ලට වදින අභිත්ගේ ක්‍රමවත් හුස්ම නිසා අභිත් නිදි කියන එක තේරුන් ගත්තා. අභිත්ගේ අත් අතරින්ම කැරකිලා අභිත්ගේ පැත්තට හැරුණු ටෙරාන් නිදාගෙන ඉන්න අභිත්ගේ මූණ දිහා බලාගෙන හිටියා.

අභිත්ව අවිශ්වාස කරනවා , සැක කරනවා කියලා දැනෙන එකමත් මහා පව්කාර කමක් වගේ ටෙරාන්ට දැණුනා. අභිත්ගේ මූණට වැටිලා තියන කොණ්ඩ කෑලි අතින් හිමීට පස්සට කරපු ටෙරාන් හිමින් සීරුවේ අභිත්ගේ මුළු මූණම අත ගෑවා.

' දෙන්න බෑ කියලා දැන දැනම ඒ දේම ඉල්ලුවේ ඇයි අභූ... එයාලා ඔයාගේ ඔළුව වෙනස් කරනවා.. ඔයා මට ආදරෙයි කියලා දන්නවා ඒත්... ඒත්... මගේ පපුව රිදෙනවා අභූ... ඇයි මෙහෙම කරන්නේ... ඔයාගේ හිතේ හොරයක් නැත්තන් ඔයාට මා එක්ක මිචෙල් එක්ක යන ගමන් ගැන කතා කරන්න බැරි කමක් නෑ නේ... හෙට මාව දාලා යන්න එපා අභූ... '

මුළු රැයක්ම හිතේ ඇති වෙන එක එක ප්‍රශ්න වලට උත්තර විදියට එක එක උපකල්පන එයාම ගොඩ නගපු ටෙරාන් අභිත්ගේ මූණ දිහා බලාගෙන මුළු රෑම ඇහැරිලා හිටියා.

කොහොමත් ටෙරාන්ට උදේට අභිත් මිචෙල් එක්ක යන්න දා ගත්ත ගමන වලක්වන්න ලොකු උවමනාවක් තිබුණා. ඉතින් උදේ අභිත් ඇහැරෙද්දි ටෙරාන් නින්දෙන් අභිත්ගේ ඇග උඩට ආව වගේ අභිත්ට නැගිටින්න බැරි වෙන විදියට අභිත්ගේ ඇග උඩ නැගගෙන අභිත්ගේ මුළු ඇගම ඇදට තද කරගෙන හිටියා.

නැගිටලා ටික වෙලාවක් ටෙරාන්ගේ ඔළුව , ඉණ දෙපැත්ත අත ගගා හිටිය අභිත් ටෙරාන්ව එයාගේ ඇගෙන් ගලවල ඇදෙන් හාන්සි කරා. ටෙරාන්ගේ තොල් වලට , නහයට , නලලට හාදු තිබ්බ අභිත් තවත් ටික වෙලාවක් ටෙරාන්ව තුරුලු කරගෙන ඉදලා ඇදෙන් බැස්සා.

මීට කලින් ඊයේ වගේ ගත වුණු රැයවල් වලින් පස්සේ අභිත් කවදාවත් පහුවදාට ටෙරාන්ව තනියම දාලා කොහෙවත් නොගියා. අවංකවම ටෙරාන් sex කරන රැයකට වඩා අභිත් එයාට after caring කරන ඊළග දවසට පුදුම විදියට ආදරේ කරා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now