30 🌹

1.4K 147 152
                                    


උදේ ඉදන් factory දෙකකයි නුගේගොඩ site එකෙයි වැඩ බලන්න ගිය අභිත් ටෙරාන් දෙන්නා ගෙදර එනකොට රෑ 9 ටත් කිට්ටු වෙලා තිබුණා.

මුලින්ම wash එකක් දාගෙන ආව අභිත් ටෙරාන් wash එකක් දාගෙන එනකන් ඇදට වෙලා phone එකෙන් news බලන්න ගත්තා. ඒත් අප්පච්චිගෙන් ආව call එක නිසා අභිත් news බලන එක පැත්තක තියලා අප්පච්චි එක්ක කතා කරා.

" අප්පච්චී. "

" දැන්ද ආවේ අභී ?"

" ඔව් දැන් ටිකක් වෙලා. "

" කෝ පොඩි මෑන් නැද්ද ?"

" එයා musical show එකක් දානවා ."

" කෝ ? "

" ඇහෙන්නැද්ද සද්දේ ?"

" ගමේ ලස්සනම බෑනා අපේ අම්මගේ වේවී...
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී...
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී...
දිසානායක නෑ මංචනායක පවුල මුළු ලෝකෙම වැජඹේවී…

යෝ......

මලට බඹරෙකු සේ.........
සිතට ඔබ එනවා..........
කිරණ සේ හිරුගේ..........

මම සිනාසෙනවා.......
හහ් හහ් හා......

ඔබ සිනාසෙනවා........
හහ් හහ් හා........ "

" ඔය පොඩීද බෙරිහන් දෙන්නේ?"

" ඔව් ඔව්. Bathroom එක sound proof කියල හිතන්ද කොහෙද බෙරිහන් දෙනවා... අහල පහල ගෙවල් වලටත් ඇහෙනවා ඇති. "

" අනේ දෙයියනේ. මේකගෙ වැඩ නම් තාම පොඩි එකෙක් වගේම තමයි ."

" මොකට කියනවද ?"

තව විනාඩි දහයක් පහළවක් අභිතුයි අප්පච්යි Business ගැනයි එයාලගේ Future plans ගැනයි කතා කර කර හිටියා.

" මගේ බෝල කැටේ.....
මගෙ සුන්දර බෝල කැටේ....
සද වතුර වලේ නනා වෙලේ..... "

එක පාරටම ටවල් එක ඔලුව වටේ ඔතන් කාමරේ කර්ට්න් එක එහාට කරල ඇතුළට ඔලුව දාපු ටෙරාන් නට නටම ගිහින් ටවල් එක රෙදි රැක් එකෙන් දැම්මා. අභිතුත් මෙලෝ සිහියක් නැතුව කටත් ඇරන් ටෙරාන්ගේ නැටුම දිහා බලන් හිටියා.

" මට හිතුනා වේලිලා මදී
ශෝට වැලේ මගෙ ශෝට වැලේ...

මගේ මැණික් කැටේ....... "

අභිත්ගේ ඇග උඩට පැන්න ටෙරාන් අත් දෙකෙන්ම අභිත්ගේ බඩ බදාගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now