20 🌹

1.5K 181 182
                                    


" Cup cake 150 , Burger 20 , Iced coffee  20."

" ඔව් හෙට උදේ 9 වෙද්දි ඕනේ."

"කොහුවල ASM Company site එකට. "

" හරී Thank you."

හෙට තමයි ටෙරාන්ට හා හා පුරා කියලා අවුරුදු 23 ලබන්නේ. උදේම P & S එකට හෙට birthday treat එකේ order එක දැම්ම ටෙරාන් හිටියේ හෙනම සතුටෙන් . මොකද මේ තමයි එයා Job එකක් කරන්න ගත්තට පස්සේ celebrate කරල පලවෙනි Birthday එක. අනික ටෙරාන්ගේ ජීවීතේ special person කෙනෙක් ඉද්දි celebrate කරන්න ලෑස්ති වෙන පළවෙනි Birthday එක. තාමත් අභිතුයි එයයි අතර තියන සම්බන්ධෙට නමක් නැති වුණත් , ඒක ආදරයක්ද වෙන මොකක් හරිද කියල කිසිම අදහසක් නැති වුණත් , ටෙරාන් හිත යටින් අභිත්ගෙන් එයාට මොකක් නැතත් පළවෙනි wish එක වත් ලැබෙයි කියලා බලාපොරොත්තු උනා.

ඒ වගේම ටෙරාන්ගේ හිතේ පොඩි දුකකුත් තිබ්බා. මොකද මේක තමයි ටෙරාන් ගෙදර නොයිද සමරන්න ලෑස්ති වෙන පලවෙනි birthday එක. ටෙරාන්ගේ ගෙදර කාගේ උපන්දිනේ තිබ්බත් උදෙන්ම කිරිබතක් හැදුනා. ඒ වගේම එයාල නොවරදවාම කේක් එකක් කපලා රෑට කෑම කොහෙන් හරි order කරලා family partyක් දාන්නත් පුරුදු වෙලා හිටියා.

ටෙරාන්ගේ තාත්තා පවුලේ වැඩියෙන්ම ආදරේ කරේ ටෙරාන්ට. ඒක පවුලේ විතරක් නෙමේ මුළු නෑදෑ පරම්පරාවෙම අය දන්න කාරණයක්. ඒ නිසා තාත්තා නැති වුණාට පස්සේ පාටි දාන වැඩේට ටෙරාන් සම්පූර්ණෙම්ම විරුද්ධ වුණා. ඒ නිසාම තාත්තා නැති වුණාට පස්සේ කේක් කපන එකයි උදේට කිරිබත් හදන එකයි දෙකම නැවතිලා එයාලා රෑට එළියෙන් කෑම ගන්න එක විතරක් කරා. උපන්දිනේට පහුවෙනිදා සෙනසුරාදා දවසක් නිසා එදාම ගෙදර යනවා කියලා හිතුව ටෙරාන් පලවෙනි වතාවට උපන්දිනේ තනියම සමරන්න තීරණේ කරා.  

උදේට කිරි එකත් එක්ක බිස්කට් කන්න පුරුදු වුණු  ටෙරාන් දවල් කෑම වෙලාවට ඇවිත් සුරේෂ් බෙදල තියන බත් එක කන්න පුරුදු වුණා . රෑටත් සුරේෂ් කාමරේටම කෑම ගෙනත් දුන්නත් අභිත් කිව්ව වගේම සතියක් දෙකක් යද්දිම එකම කෑම කාල ටෙරාන්ට එපා උනා. ඉතින් ගොඩක් දවස් වල රෑට ටෙරාන් සමපෝෂ , නූඩ්ලස් නැත්තන් කඩෙන් මොනා හරි ගෙනත් කන්න පුරුදු වුණා. ටෙරාන්ගේ මේ කෑම රටාවට නම් අම්මා වගේම අභිතුත් හිටියෙ කේන්තියෙන්. ඒත් ඉතින් "ඒ මිනිස්සුන්ට එහෙම ඉන්න පුළුවන් නම් මට බැරි මොකද? " කියලා පණ්ඩිත කතා දාහක් කිව්ව ටෙරාන් දිගටම site එකේම නැවතිලා හිටියා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now