24 🌹

1.4K 151 188
                                    

" Beach එක පැත්තට යමුද ?"

" දැන් බෑ අනේ . වෙන දවසක යමු හාද ? දැන් මට මෙහෙම ඉන්න ඕනේ. "

" හා එහෙනම්."

මේ වෙනකොට රෑ 9 ත් පහුවෙලා තිබ්බ වගේම ටෙරාන් තාමත් අභිත්ගේ ඔඩොක්කුවට වෙලා කකුල් දෙකත් පද්ද පද්ද අභිත් එක්ක හුරතල් වුණා.

" අහන්නකෝ. "

" ම්ම්ම් . "

ටෙරාන් එයාගේ කම්මුලක් අභිත්ගේ පපුවට තද කරගනිද්දි අභිත් ටෙරාන්ගේ නළලට වැටිල තියන කොණ්ඩේ අතින් උඩට කරා.

" ඔයාට මට ආදරේ හිතුනෙ කවද ඉදන් වගේද ?  මන් ආව මුල් දවස්වල ඔයාට මාව පේන්න බෑ නේ. "

ටෙරාන් අභිත්ගේ පපුවට ඇගිල්ලකින් ඇන ඇන අහද්දි අභිත්ට ලාවට හිනා ගියා .

" කවුද කිව්වේ මට පෙන්නන්න බෑ කියලා? "

" මට තේරුනා. "

" ඔයාව company එකට ගත්තෙත් මගේ ඕනකමට රන් . "

" එහෙම වෙන්නේ කොහොමද ? අපි ඊට කලින් අදුරන්නෑ නේ. "

ටෙරාන් ඔලුව උස්සල අභිත් දිහා බැලුවා.

" අපි නෙමේ ඔයා විතරයි."

" තේරෙන්න කියන්නකෝ අනේ..."

" ඔක්කොම කියන්නම් . අද නෙමේ වෙන දවසක. "

" ඔයා හැමදේම පස්සට කල් දදා ඉන්න. "

" පස්සට දාන්නත් තව කල් තියෙනවා. "

" මොනාද අනේ කියවන්නේ. "

ලැජ්ජ හිතුනු ටෙරාන් අභිත්ගේ උරහිසට රිදෙන්න පාරක් ගැහුවා.

" දැන් ඔඩොක්කුවට ආව වෙලේ ඉදන් ඔයා මට 20 පාරක් විතර ගැහුවා රන් . මටත් රිදෙනවා මිනිහෝ. "

" රිදෙන්න තමා මිනිහෝ ඉතිං ගැහුවේ. "

" කට ගහන් ආවොත් කට කනවා බලපන්. "

" හරි දැන් මන් බය වුණා. "

මාපට ඇගිල්ලෙනුයි මැද ඇගිල්ලෙනුයි ටෙරාන්ගේ කම්මුල් දෙක ඇල්ලුව අභිත් කම්මුල් දෙකම එකපාර මිරිකන්න ගත්තා .

" රන්."

" ම්ම්ම්... "

" අර පල්ලෙහා proposel එක දැකලා මට දුක හිතුනා. මටත් ඒ වගේ හැමෝම ඉස්සරහ ඔයාට මන් ආදරෙයි කියලා කියන්න පුළුවන් වුණා නම්. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now