08 🌹

1.6K 187 64
                                    

Medical center එකට යනකම්ම තනි අතින් drive කරන ගමන් අභිත් සැරින් සැරේ ටෙරාන්ගේ ඔලුවයි කම්මුලයි අතගෑවා. ටෙරාන් දුර්වල වෙලා ඉන්න වෙලාවේ මෙහෙම දරුණු නොවී ආදරෙන් කතා කරන්න තිබ්බා කියලා අභිත් ගොඩක් පසුතැවුණා.

" මට ඔයාව රිද්දන්න ඕන වුණේ නෑ රන්. ඒත් ඔයා ඔය තරම් මෝඩ විදියට වැඩ කරද්දි මම කොහොමද බලන් ඉන්නේ. පිස්සු නටනව ඇති කියලා හිතුන නිසාමයි සේරම වැඩ පැත්තක දාලා දුවන් ආවේ. ආයෙ මාස තුනක් පස්සට යන්න පුළුවන් උනානම් surprise පැත්තකට දාලා උඹවත් එක්කගෙනම යනවා. "

කියන දේවල් ටෙරාන්ට ඇහෙන්නෑ කියල දන්න නිසාම අභිත් හිතේ තියන හැගීම් වචන වලින් පිට කරා.

ළගම තියන medical center එකට ටෙරාන්ව අරන් ගිය අභිත් car එකෙන් බැහැල ඇවිත් ටෙරාන්ගේ පැත්තෙන් දොර ඇරියා.

" රන්. රන්... ඇහෙනවද මාව?"

අභිත් මූණ අත ගාණ ගමන්  කතා කරද්දි ටෙරාන් හීන් කෙදිරිල්ලක් පිට කරා.
ඇතුළට ගිහින් Doctor එක්ක කතා කරලා ආව අභිත් ටෙරාන්ව කලින් වගේම bridal style එකට වඩාගෙන  ගිහින් බෙඩ් එකක් උඩින් තිබ්බා. ටෙරාන්ව check කරන ගමන්ම doctor අභිත් එක්ක කතාවට වැටුණා.

"මොකක්ද patientට උනා කිව්වේ? "

"කතා කර කර ඉන්නකොට faint වුණා doctor."

" මෙයාගේ ඇග ගොඩක් weak නේ. කලින් අසනීපෙන් හිටියද? "

" මේ දවස් ටිකේ මෙයා ටිකක් stress එකේ හිටියෙ doctor."

" දවස් දෙක තුනකින් කෑමක් බීමක් වත් ඇගට වැටිලා නෑ වගේනේ. "

"හ්ම්ම්..."

ටෙරාන් ඇදේ නිදන් ඉන්න දිහා බලන් හිටිය අභිත් වේගෙන් ඇස් පිල්ලම් ගහලා ඇස් වලට ආපු කදුලු වැටෙන්න නොදී නවත්ත ගත්තා. ටෙරාන්ගේ නලලට වැටිල තියන කෙස් අතින් පස්සට කරපු අභිත් හරිම ආදරෙන් ටෙරාන්ගේ ඔලුව අතගෑවා.

" ම්ම්ම් patient ඔයාගේ කවුද ? "

" අහ්හ් මේ මගෙ office එකේ යාලුවෙක් doctor. "

"Ok මන් දැන් මෙයාට IV එකක් දෙන්නම්. සිහිය ආවහම අපි එයත් එක්ක කතා කරල බලමු. පැය දෙකක් විතර යනවා හැබැයි. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now