16 🌹

1.4K 188 125
                                    


ටෙරාන් ඇහැරෙනකොට දවල් 12 ටත් කිට්ටු වෙලා තිබ්බා. අසනීපෙන් ඉන්න නිසා අම්මත් ටෙරාන්ව ඇහැරවන්න උනන්දු නොවෙද්දිත් නැගිට්ටත් කරන්න විශේෂ වැඩක් නොතිබ්බ ටෙරාන් හැම අතටම පෙරලි පෙරලි ඇති වෙනකන් නිදාගත්තා. Phone එක අතට ගත්ත ටෙරාන් මුලින්ම ගිහින් අභිත්ගේ chat එක open කරා.

This is the number I use in Ausi. Save this.
+61********

අභිත් පාන්දර 03 ට විතර එවල තිබ්බ number එක save කරගත්ත ටෙරාන්ගේ හිතට කවදාවත් නැති විදියේ අමුතු සතුටක් දැනුනා. රෑ 10 ට අභිත් call එකක් ගන්න කිව්ව නේද කියලා මතක් වෙද්දි ටෙරාන්ගේ ඒ සතුට double වුණා. බඩේ සමනල්ලු පියාඹනව වගේ හැගීමක් දැනෙද්දි ටෙරාන් අභිත් එක්ක මොනාද කතා කරන්නේ කියලා plan කරන්න පටන් ගත්තා.

" whatsapp call එකක් ගන්නවා. අරන් මොකක්ද මුලින් කියන්නෙ. හෙලෝ කියනවා ඔව් එහෙම හොදයි. හෙලෝ සර් කියනවා. ඊට පස්සේ මොනාද කියන්නෙ. අනේ මොන මගුලක්ද ඔන්න ඔහෙ අහන දේකට උත්තර දෙනවා. Bike එක ගත්ත එකට තාම තරහයි කියල කියන්නත් ඕනේ. එහෙට පාන්දර කිව්වනේ එයා answer කරයිද දන්නෙත් නෑ. එක්කො එයා ගන්නකන් ඉන්නවද ? බෑ... එයා නිදි ඇති . පළවෙනි දවසනෙ... අනික මන් පොරොන්දුත් වුණානේ... ඒ නිසා මන්ම ගන්නවා. ඒ වුණාට එතකොට එයා හිතයිද දන්නෑ මන් call එකක් ගන්න දහය වෙනකන් බලන් හිටිය කියලා. බැරි වෙලාහරි ඇයි ගත්තේ කියලා ඇහුවොත්... ආ ඒව කොහෙද එහෙම ඇහුවොත් ආයෙ ගන්නෙමෙ නෑ. අනේ ටෙරාන් උඹේ මොලේ අවුල් වෙලාද මෙච්චර දවස් සර් ඕන තරම් call කතා කරේ තමුසෙ ඔච්චර නැටුවෙ නෑ නේ . "

Phone එකටත් රැව්ව ටෙරාන් Phone එක charge එකට ගහලා කාමරෙන් එළියට ගියා.

දවල් නැගිට්ට වෙලාවේ ඉදන්ම ටෙරාන්  බලන් හිටියේ රෑ 10 වෙනකන්. දවස් ගානක්ම ගේ ඇතුලෙම ඉදලත් ටෙරාන්ට හොදටම එපා වෙලයි හිටියේ. හවස සිතූ අක්කගේ බබාව එහෙ ගෙන්න ගත්ත ටෙරාන් අක්කලා වැඩ ඉවර වෙලා එනකන්ම බබාව හුරතල් කර කර හිටියා. 

ඊට පස්සේ අම්මා රෑට උයනකන් කුස්සියට වෙලා හිටිය ටෙරාන් රෑ 9 වෙද්දිම කෑම කාල වෙලාසනින් නිදාගන්නව කියල ගෙදර අයවත් දැනුවත් කරලා කාමරේට ආවා. කාමරේට ආවත් හරි ඒ පැය ටෙරාන්ට ජීවිතේ එයා ගෙව්ව දිගම පැය වගේ දැනුණා. 

අභිරන් | Sinhala BLWhere stories live. Discover now