45 🌹

1.5K 149 295
                                    


Office day out එක ගිහින් සති දෙකක් ගත වෙලා තිබුණා. මේ සති දෙක අලුත් restaurant දෙකේ opening වැඩත් එක්ක අභිත් super busy උනත් එයාලා vacation එකට කලින් ගත කරපු lifestyle එකම අභිත් ටෙරාන් දෙන්නා ආයෙමත් ගත කරන ගමන් හිටියා.

තව දවස් හතරකින් එයාලට celebrate කරන්න special day එකක් එන නිසා මේ ගැන අප්පච්චිව දැනුවත් කරලා දවස් දෙක තුනක නිවාඩුවක් ගන්න හිතගෙන ටෙරාන් bathroom එකට යනකන් බල බල හිටිය අභිත් අප්පච්චිට call එකක් ගත්තා.

" හෙලෝ අප්පච්චි... "

" කියන්න අභී... "

" කොහෙද ඉන්නේ. ගෙදරද ?"

" ඔව් පුතා කියන්න. "

" එන 4,5,6 මන් රන් එක්ක පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නේ... අව්ලක් නෑ නේද ? අනික මේ weekend නේ... "

" අනේ අනේ අභී... ඔයාල කැමති ගමනක් ඔයාලට යන්න පුළුවන්. මොකද මේ කවදාවත් නැතුව trip යන්න මගෙන් permission ඉල්ලන්නේ ?"

" අවධානමට පෙර සූදානම."

" කපටි නෑ නේ බලන් ගියාම. මට නම් ප්‍රශ්නයක් නෑ... ඒත් අම්මට නන් හේතු කියන්න වෙයි. "

" ඔය මොකක් හරි කියල ශේප් කරගමු. "

" ම්ම්ම්... පුතා.. තව වැදගත් කාරණාවක් ගැන කතා කරන්න ඕනේ. "

" මොකක්ද අප්පච්චි ?"

" පොඩී ඔයා ඉන්නවද ?"

සාමාන්‍යයෙන් දෙන්නා Call ගන්නේ speaker on කරලා නිසා ටෙරාන් ළග ඉන්නවද කියලා දැනගන්න , සැකයක් ඇති නොවෙන්න ටෙරාන්ට කතා කරන විදියටම මංචනායක කතා කරා.

" රන් bathroom එකේ අප්පච්චි. "

" පොඩීව සෙකට්‍රි කමින් අයින් කරන්න. "

" අහ්හ්... ඇයි ඒ ?"

" ඕක ඉස්සරහට ඔය දෙන්නටම නැති ප්‍රශ්නත් ඇති කරන්න හේතු වෙන්න පුළුවන් . ඒ නිසයි මන් කිව්වේ... ඔයාලා හිතල බලලා කැමති තීරණයක් ගන්න. "

" රන් නන් කැමති වෙන එකක් නෑ. අනික මට යන ඕන තැනකට රන්ව එක්කන් යන්න පුළුවනුත් ඔය position එක නිසානේ... "

" මන් කිව්වනේ අභී තීරණේ ගන්න ඕන ඔය දෙන්නා. "

" ම්ම්ම්... අම්මා කෝ ?"

අභිරන් | Sinhala BLWhere stories live. Discover now