56 🌹

994 122 128
                                    


අභිත් එයාගේ පපුව උඩ ඔලුව තියාගෙන ඉන්න ටෙරාන්ගේ කෙස් අතරින් ඇගිලි එහෙ මෙහෙ ගෙනියනන ගමන් ලොකු කල්පනාවක ගිලිලා හිටියා. වෙලාව රෑ 11  පහුවෙලා තිබුණත් අභිත්ට තුරුලු වෙලා හිටිය ටෙරාන් පවා තාමත් නිදි නැතුව එයාලට ඉස්සරහට තව මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද කියන එක ගැනත් , අභිත්ගේ ජීවිතේට හානියක් නොවෙන්න මේ දේවල් වලින් ඈත් වෙන්න කරන්න පුළුවන් මොනාද කියන එක ගැනත් කල්පනා කර කර හිටියා.

" අභූ..."

" ම්ම්ම්... "

" නිදි නැද්ද ?"

" නෑ බබා කියන්න. "

" අභූ අපිට මාසෙකට කලින් රට යන්න බැරි වෙයිද ? December වලට කලින් ?"

අභිත්ගේ පපුවේ තියන් හිටිය මූණ උඩට උස්සල ටෙරාන් අභිත් දිහා බැලුවා.

" බෑනේ මැණික.. ඔයාගෙ Exam තියෙන්නේ December first week එකේ නේ.. December අග වගේ වෙද්දි නම් යන්න පුළුවන් වෙයි. මාත් plan කරන් ඉන්නේ christmas වලට කලින් මෙහෙන් යන්න. "

" හුම්ම්... "

" ඇයි ?"

මුකුත් නෑ කියන්න ඔළුව වැනුව ටෙරාන් ආයෙ අභිත්ගේ පපුවට තුරුල් වුණා. තවත් විනාඩි ගාණක් කලින් වගේම නිහඩ විදියට ගත වෙද්දි ටෙරාන් ආයෙම අභිත්ට කතා කරා.

" අභූ... "

" කියන්න බබා.."

" අපිට නොදන්න numbers වලින් calls එනව නම් ඒ කවුද කියලා හොයාගන්න විදියක් නැද්ද ?"

" කාටද දැන් unknown numbers වලින් calls එන්නේ.. "

" මේ.. අපේ සුදූට.. "

" Truecaller දාගෙන බලන්න කියන්න."

" ඒකෙත් නමක් පෙන්නන් නෑ නේ අභූ.. "

" මට number එක දාන්න මන් කතා කරලා බලන්න. ලොකුවට වාත වෙන්න එනවා නම් ඉතින් පොලීසී යන්නත් පුළුවන් ."

" නෑ.. නෑ.. එච්චර දෙයක් කරන්න ඕන නෑ.. "

" දැන් ඔය calls එන්නේ ඔයාටද? නංගටද?"

" අහ්හ්.. "

" අද accident එක ගැන ඔයා මොනාද දැනන් හිටියේ.. ම්ම්ම්..."

ටෙරාන්ගේ ඔළුව අතගගාම අභිත් අහද්දි ටෙරාන් ලාවට ගැස්සුනත් ටෙරාන් එයාගේ මූණ අභිත්ට නොපෙනෙන්න පපුව උඩම තියාගෙන හිටියා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now