09 🌹

1.7K 186 55
                                    

" සර් කාර් එක නවත්තනවද ? "

" ඒ මොකටද ? "

" මට ටිකක් තනියම ඉන්න ඕන. "

" හ්ම්ම්..."

Seat එකට ඔලුව හේත්තු කරගත්තු ටෙරාන් shutter එකෙන් එළිය බලාගත්තා.

අවුරුදු ගාණක් ලංකාවෙ හිටියෙ නැති අභිත්ට නුගේගොඩ එහෙම හිත සන්සුන් කරගන්න ඉන්න පුළුවන් තරම් තැනක් එක පාරටම හිතා ගන්න බැරි වුණා. තව ටිකක් ඉස්සරහට යනකොට ගස් කොළන් ටිකක් එක්ක පාර අයිනේ තියන පාර්ක් එකක් දැකපු අභිත් car එක parking එකට දැම්මා.

" සර් යන්න. මන් ටිකක් ඉදල එන්නම්. නිත්‍යා අක්කට කියලා අද මම leave එකක් දාන්නම්. ගෙදර ගියාම report ටික finalize කරල සර්ට mail කරන්නම්. Thank you අද දවසෙ මන් වෙනුවෙන් කරපු හැමදේටම. "

එක දිගට කියාගෙන ගිය ටෙරාන් car එකෙන් බැහැල park එක ඇතුළට ගියා.

ටෙරාන් පස්සෙන් ඇතුළට යනවද කියල හිත හිත හිටිය අභිත් අවසානෙදි අද හැම ප්‍රශ්නයක්ම විසදල ඉවර කරනව කියලා හිතලා car එකෙන් බැහැලා ටෙරාන් ගිය පාර දිගේම ඉස්සරහට ඇවිදන් ගියා.

සතියෙ දවසක් වුණ නිසා ස්කෝලේ යන වයසේ පොඩි එවුන් දෙතුන් දෙනෙක් ඇරුණහම වෙන කවුරුත් හිටියෙ නැති පාර්ක් එකේ වටයක් කැරකුණාට පස්සේ අභිත් ටෙරාන්ව දැක්කා. හෙවන තියන තැනක වාඩිවෙලා අල්ල අස්සේ මූණ හංගගෙන ඉන්න ටෙරාන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අභිත් ගිහින් ටෙරාන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා. ටිකකින් ටෙරාන්ගේ උරහිස් ගැස්සෙනකොට ටෙරාන් අඩනව කියල තේරුණ අභිත් හිමීට ටෙරාන්ගේ පිට අතගෑවා.

" අද ඇතිවෙනකන් අඩන්න ටෙරාන් අදින් පස්සේ අඩන්න තියා ගන්න එපා. "

අභිත් තර්ජනාත්මක හඩකින් කියනකොට ටෙරාන් අත් දෙකෙන්ම ඇස් පිහිද ගත්තා.

" ටෙරාන් මට ඔයාට කියන්න දේවල් ටිකක් තියනවා. මේව දවසින් දවස එහෙම් මෙහෙන් ආරංචි වෙලා ඔයා දවස් ගණන් මතක් කර කර විදවනවට අකමැති නිසයි මන් මේ හැම දෙයක්ම අදම කියල ඉවරයක් කරන්න හිතුවෙ. "

අභිත් පලවෙනි වතාවට තමන්ට හොදින් කතා කරන නිසා ටෙරාන් ලාවට ඔලුව උස්සල අභිත් දිහා බලල ආයෙම මූණ හංග ගත්තා. ටෙරාන්ගේ ඔලුව අතගාපු අභිත් ලොකු සුසුමක් පිට කරලා ලොකු කතාවක් කියන්න ලෑස්ති වුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now