51 🌹

1K 137 110
                                    


උදේ පාන්දර හයට විතර room එකේ දොර ඇරෙන සද්දෙට පුටුවෙ ඉදගෙන ටෙරාන්ගෙ ඇදේ ඔලුව තියාගෙන නිදාගෙන හිටිය අභිත් ඔලුව උස්සල දොර දිහා බැලුවා. ලස්සන හිනාවක් එක්ක මැදි වයසෙ නර්ස් කෙනෙක් room එක ඇතුළට එද්දි මුළු රැයක් පුටුවෙ ඉදගෙන නිදාගෙන හිටිය අභිත් හිටගෙන කොන්ද ඉස්සරහට පස්සට නමලා බෙල්ලත් හතර අතට කරකවල ඇගේ හිරි ටික යැව්වා.

" තාම නිදි නේද ?"

නර්ස් අහද්දි නර්ස් එක්ක ලාවට හිනා වුණු අභිත් ටෙරාන්ගේ ඔළුව අත ගෑවා.

" 8 වෙනකොට Doctor එනවා. ඊට කලින් Patientව පිරිසිදු කරලා මොනවා හරි බොන්න දීලා තියන්න. නැගිට නැගිට washroom යන්න හොද නැති නිසයි දියර ජාතිම දෙන්න කියන්නේ.. අද දවල් වෙලා Therapist කෙනෙකුත් එනවා. අද ඉදන් කොන්දට Therapy කරන්න පටන් ගන්නවා. දවස් 4ක් විතර යනකොට ඇදෙන් බහින්න පුළුවන් වෙයි.

කොහොමත් සතියකින් විතර Discharge නම් කරයි. ඒත් ඉතින් අත හොද වෙන්න නම් තව මාසයක් වත් යයි. ගෙදර ගිහින් අපි කියන exercises ඒ විදියටම කරලා පරිස්සම් වෙලා හිටියොත් ඉක්මණට සනීප කරගන්න පුළුවන් වෙයි. "

" හරි මිස්. "

අභිත් එක්ක තව විනාඩි ගාණක් කතා කර කර ඉදලා සෑහෙන පැහැදිලි කිරීම් ගොඩක් කරලා නර්ස් room එකෙන් එළියට ගියහම අභිත් ජානුට call එකක් ගත්තා.

" Good Morning අයියා. කියන්න. "

" නංගා අද ඔයා හරි මල්ලි හරි මේ පැත්තේ එනවද ? "

" ඔව් අයියේ.. අපි දෙන්නා දැන් ගෙදරින් එන්න යන්නේ. "

" වෙලාවට. නංගා එහෙනම් පොඩි ෆේස් ටවල් දෙක තුනකුයි පොඩි බේසම් දෙකකුයි අරන් එන්න පුළුවන් ද ?"

" තාම කඩ ඇරලා නෑ නේ. මන් ගෙදර තියන ඒවගෙන් බලලා ගේන්නම්. "

" හරි නංගා. "

" ඔයාට බත් එකකුයි , අයියට කැද , සුප් , බීමයි ගේනවා. Hospital එකෙන් මුකුත් ගන්න එපා. "

" හරි පරිස්සමෙන් එන්න. "

Call එක cut කරපු අභිත් ගිහින් දත් මැදලා , මූණ හෝදගෙන ආවා. අභිත් ඇදගාවට එනකොට  ඇහැරිලා හිටිය ටෙරාන් අභිත් දිහා බලලා හිනා වුණත් ඒ හිනාව තනිකරම මලානික මහන්සිය , දුක පිරුණු හිනාවක් වගේ අභිත්ට පෙණුනා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now