29 🌹

1.3K 170 224
                                    


ටෙරාන් එක්කම car එකෙන් බැස්ස අභිත් ටෙරාන්ගේ bag ටික car එකෙන් එළියට අරගෙන දුන්නා.

" මන් එන්න ඕනෙද ?"

" ඔව්. එන්න. "

ටෙරාන් bag දෙකක් අතට ගනිද්දි අනිත් bag එක අතට ගත්ත අභිත් ටෙරාන් එක්කම ගෙට ගොඩ වුණා.

" ඈ... මේ මොකද මේ පාර කලින් ඇවිල්ලා ? අම්මේ........."

සාලේ TV බල බල හිටිය පොඩී කෑ ගහද්දි අභිත්ට ඉදගන්න කියලා ටෙරන් bag ටික ගිහින් කාමරෙන් තිබ්බා. ටෙරාන් ආයෙ සාලෙට එනකොට මල්ලිගෙ කෑ ගැහිල්ල නිසා අම්මයි ජානුයිත් සාලෙට ඇවිත් හිටියා.

" කොහොමද අභිත් සර් ?"

" ඉන්නවා Aunty. "

" එදා දානෙට එන්න කියන්නත් බැරි වුණානේ . මන් හිතුවෙ සුදු මහත්තයා එන්න කියයි කියලා . කොහෙද මූටත් ඕව මතක නෑ නේ. "

" ඒකට කමක් නෑ Aunty.  ටෙරාන් මට ලොකු කෑම එකක් ගෙනත් දුන්නනේ."

" එදා සුදු මහත්තයා එන්න හෙනට හවස් වුණානේ. මන් දෙතුන් ගමනක්ම call කරා. පස්සෙ ආවහම කිව්ව සර්ත් එක්ක හදිසි වැඩ වගයක් කරන්න වුණා කියලා. "

ටෙරාන් දිහා බැලුව අභිත් ආයෙම ටෙරාන්ගේ අම්මා දිහා බලලා ලාවට හිනාවුණා.

" මහන්සිත් ඇතිනේ දෙන්නට . ඔන්න අදනම් තේකක් නොබී යන්න බෑ හොදේ ?"

" මටත් තේ තිබහයි අම්මා . "

" සර් මොනාද බොන්න කැමති ?"

" මෙයාට සුදු කිරි එකක් හදන්න අම්මා . "

" මන් තේ වක්කරන් එනකන් ඔය TV එකවත් බලන්නකෝ. "

අම්මා කුස්සියට යද්දි ජානුත් අම්මා පස්සෙන්ම කුස්සියට ගියා. ටිකකින් මල්ලිත් TV බැලිල්ල පැත්තකින් තියල කාමරේට ගිය නිසා අභිත්ගේ එහා පැත්තෙන් ඉදගත්ත ටෙරාන් එයාගේ අතක් අභිත්ගේ අත අස්සෙන් පටලව ගත්තා.

" බකන්නිලන් ඉන්න එපා ඒයි. "

"ම්ම්ම්..."

අතේ ඇගිලි ටෙරාන්ගේ ඇගිලි එක්ක පටලව ගත්ත අභිත් ඔලුව ටෙරාන්ගේ ඔලුවට බර කරගත්තා.

" වෙනදට ඔයා සෙනසුරාදටනේ එන්නේ අද මොකද සිකුරාද ආවේ? "

Choclate cake plate එකකුයි Choclate Biscuit plate එකකුයි ට්‍රේ එකක තියාගෙන එන ගමන් මග ඉදන්ම ජානු කෑ ගහගෙන ආවා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now