37 🌹

1.1K 148 222
                                    

"Hello"

"Hello අභී."

"කවුද ?"

"මන් කේතක අනේ."

ටෙරාන් දිහා බැලුව අභිත් Phone එක ඇද උඩින් තියල speaker on කරා.

" අභී... Hello... "

" කියන්න. "

" අවුරුදු කීයකින්ද අනේ මේ... ඔයා හොදින් ඉන්නවද ?"

අභිත්ගේ මූණ දිහා බැලුව ටෙරාන් phone එකට මිඩ්ල් ෆින්ගර් එක දික් කරා.

" ඔව්. මගේ number එක කොහෙන්ද ?"

"අහ්.. මන් මේ.. දනෝජ්ගෙන් ඉල්ල ගත්තා. "

" ම්ම්ම්... ඇයි call කරේ ?"

" ඇයි අභී ඔයා ගහගන්න වගේ කතා කරන්නේ. ඉස්සර වගේ කතා කරන්න බෑද ? "

එහා පැත්තේ තිබ්බ කොට්ටයක් ළගට ඇදල ගත්ත ටෙරාන් අත මිට මොලවල කොට්ටෙට ගහගෙන ගහගෙන ගියා.

" මට තමුන් එක්ක කතා කරන්න දෙයක් නෑ කේතක. මන් තියනවා. "

" එපා.. එපා.. පොඩ්ඩක් අහන්නකෝ. අභී ඇත්තටම මන් ඔයාට නරක විදියට සැලකුවා තමයි. මන් අදටත් ඒ ගැන ගොඩක් දුක්වෙනවා. මට ඇත්තටම සමාවෙන්න අභී... "

" දැන් ඔය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. අනික තමුන් මට කරපුවා මට අමතකත් නෑ. "

" අහන්නකෝ අභී.. මන් හිතුවෙ ඔයා මාව ආතල් එකට ගන්න හදනව කියලා. එක පාරටම ඔයා එහෙම දෙයක් කිව්වාම මන් බය වුණා. ඒකයි මන් එදා එහෙම කරේ.."

" හහ්හ්... "

" අභී අපි මීට් වෙලා මේ ගැන කතා කරමු. "

අභිත්ට රැව්ව ටෙරාන් අත මිට මොලවල මහපට ඇගිල්ල දික් කරලා බෙල්ල කපනවා කියලා පෙන්නන්න එයාගේ බෙල්ල ඉස්සරහින් ඇගිල්ල ඇදගෙන ගියා.

" මොනා කතා කරන්නද ?"

" අද අර shop එකේ ඔයත් එක්ක හිටිය පොඩි කොල්ලා කවුද ? "

අභිත්ගේ මූණ ඉස්සරහටම කරල ටෙරාන් එයාගේ ඇගිල්ලේ තියන ring එක පෙන්නුවා.

"He's my husband."

අභිත් ටෙරාන් දිහා බලාගෙන කියනකොට ටෙරාන් කට කොනකින් හිනා වුණා.

" කමෝන් අභී... බොරු කියන්න එපා. "

" කේතක මේ..."

අභිරන් | Sinhala BLWhere stories live. Discover now