38 🌹

1.3K 150 199
                                    

සාමාන්‍ය විදියට ගෙවුණු දවස් නමයකට පස්සේ නිත්‍යාගේ wedding එක දවස උදා වුණා. ගතවුණු දවස් ගාණ ආයෙ කේතකගෙන් message එකක් වත් එයිද කියලා හිත හිත ටෙරාන් ගත කරත් කේතක එයාලගේ ජීවිත වලට ආපු වේගෙන්ම අතුරුදහන් වෙලා තිබුණා . ඉතින් සුපුරුදු විදියට අභිත් යන site වලට factory වලට අභිත් එක්ක ගිය ටෙරාන් බොහොම සැහැල්ලුවෙන් , ආදරෙන් වගේම සතුටින් ඒ දවස් ගත කරා.

ජානු එක්ක එකතු වෙලා ටෙරාන් select කරපු design එකකට මංචනායක එයාගේ suit මහන tailor shop එකට ගිහින් අභිත් ටෙරාන් දෙන්නා එයාලගේ ඇදුම්වලට measurement දීලා ආවා. Wedding එකට දවස් දෙකකට කලින් මහල , Iron කරලා complete කරපු ඇදුම් දෙක දෙන්නත් එක්කම ගිහින් fitton කරලා බලල අරගෙන ආවා .

Wedding invitation එකේ උදේ 11 ඉදන් හවස 4 වෙනකන් time එක දාලා තිබ්බ නිසා දොළහා එක විතර වෙලා wedding එකට යන්න අභිත් ටෙරාන් දෙන්නම තීරණේ කරා.

ඉතිං වෙනදට වඩා වැඩි වෙලාවක් නිදාගත්ත දෙන්නා උදේ 9 ට විතර නැගිටල ලෑස්ති වෙන්න පටන් ගත්තා. අභිත් නාල එනකන් noodles එකක් හැදුව ටෙරාන් ඇදුම් අදින්න කලින්ම අභිත්ටත් කවල එයත් කාලා ඔක්කොම ටික අස්පස් කරලා දැම්මා.

අභිත් එයාගේ තද නිල් පාට කලිසමයි , ලා නිල් පාට ෂර්ට් එකයි ඇදගෙන , සපත්තුත් දාලා ඇදෙන් ඉදගෙන ටෙරාන් එනකන් බලාගෙන හිටියා.

පැයකින් විතර කාමරේට ආව ටෙරාන් අභිත් ඇදෙන් තියල තිබ්බ එයාගේ ලා නිල් පාට කලිසමයි සුදු ෂර්ට් එකයි ඇදගන්නකන් බලන් හිටිය අභිත් ටෙරාන්ව උරහිසින් අල්ලන් ගිහින් Teddy chair එකෙන් ඉන්දුවා.

( මේ විදියේ suit එකක් කියල තියන colours වලින් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ විදියේ suit එකක් කියල තියන colours වලින් )

මිරර් ටේබල් එකේ ස්ටූල් එක ඇදගෙන ටෙරාන් ගාවට ඇවිත් ඉදගත්ත අභිත් ටෙරාන්ගේ කකුලක් එයාගේ කලවයක් උඩින් තියාගෙන ටෙරාන්ගේ කකුලට මේස් එකක් දැම්මා. ටෙරාන් පුදුමෙන් බලන් ඉද්දි අනිත් කකුකත් උඩට ගත්ත අභිත් ඒ කකුලටත් මේස් එක දැම්මා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now