23 🌹

1.4K 168 225
                                    


අභිත් රට ඉදන් ඇවිත් මාසයක් විතර ගත වෙලා තිබුණා. සදුදා උදේට අභිත් එක්ක site එකට යන ටෙරාන් සෙනසුරාදා හවසට අභිත් එක්කම ගෙදර ආවා. ටෙරාන්ව දකින්න ඕනකමටම කොච්චර busy දවසක උනත්  විනාඩි 10 කට 15 කට හරි නුගේගොඩ site එකට ගිහින් එන්නත් අභිත් මේ මුලු මාසෙම වග බලාගත්තා. ටෙරාන්ගේ කටකාරකම් , අභිත්ගේ බොරු කේන්ති ගැනිලිත් එක්ක දෙන්නගෙම හිත්වල දෙන්න ගැනම හැගීම් තව තව වැඩි වෙමින් තිබුණා.

සෙනසුරාදා හවසක් උනු එදත් ටෙරාන් හිටියේ අභිත් එක්ක ගෙදර එනගමන්.

" රන් මොනා හරි කාල යමු . බඩගිනී. "

" හා. "

" කොහෙටද යන්නේ Mac යන්ද ?"

" හා."

"තමුසෙ මොකද ඒ පාර බුම්මන් ඉන්නේ? මන් දැනුවත්ව නම් මුකුත් උන් නෑ."

" හා. "

මූට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරිවුණු අභිත් තව ටිකකින් ඕක ටෙරාන්ම කොහොමත් කියනව කියල දන්න නිසා කට වහගෙන හිටියා.

නුගේගොඩ McDonald's එකෙන් car එක park කරපු අභිත් ටෙරාන් එක්කම ඇතුළට ගියා.

" කැමති දෙයක් order කරන්න. "

" Chicken submarine 1 , Large fries 1 , Coke 1 , Oreo Mcflurry 1."

අභිත්ගේ වදේ නිසාම දැන් කොහෙන් හරි කන්න ගියොත් ටෙරාන් ඇඹරි ඇඹරි ඉන්නැතුව එයාට ඕන දේවල් කෙලින්ම order කරන්න පුරුදු වෙලා හිටියා. Order එක දාපු ටෙරාන් අභිත් එනකන් වත් නොයිද ගිහින් කොනේම තිබ්බ table එකකින් වාඩි වුණා.

" 1 spicy chicken burger , 1 crispy chicken wrap and coke. "

ටෙරාන් යන දිහා බලාගෙනම order එක දාපු අභිත් pay කරලා ඇවිත් ටෙරාන්ගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා. අද ටෙරාන් තරහ වුණොත් plan කරන්න ඉන්න වැඩේ අවුල් යයි කියල හිතුන අභිත් පුළුවන් තරම් ටෙරාන්ව shape කරගන්න හිතන් කතා කරා.

" රන් මොකක්ද අවුල ?"

" අවුලක් නෑ. "

" දැන් දවලුත් හොදට හිටියනේ එක පාරම මොකද වුණේ?"

" මට ඒක මතක් වුණේ එන ගමන්නේ."

" මට තාම මතක් වෙන් නෑ නේ . ඒ නිසා ඔයාට මතක් වුණු එක තරහ නැතුව  මටත් කියන්නකෝ. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now