26 🌹

1.3K 172 188
                                    

" Good Morning Everyone. අද අපි හදිස්සියෙම meeting එකක් call කරේ ඔයාල හැමෝටම good news එකක් ගැන දැනුම් දෙන්න. ඇත්තටම මේක මගේ පුතා අපේ ASM Companies වල next chairman අභිත් මංචනායකම ඔයාලට කිව්වොත් හොදයි කියලා මම හිතනවා. "

Head office  එකේ meeting room එකේ තියන ලොකු මේසෙ ඉස්සරහම පුටු තුනේ ශ්‍රීමතී මංචනායක , දයාන් මංචනායක , අභිත් මංචනායක තුන් දෙනා පේළියට ඉදගෙන හිටිය වගේම වටේට Management level එකේ 25 දෙනෙක් විතර ඉදගෙන හිටියා. උදේ අභිත් ගිහින් ටෙරාන්ව Head office එකට එක්කන් ආව වගේම සිතූ අක්කගෙ එහා පැත්තේ පුටුවෙ ඉදගෙන හිටිය ටෙරාන් හරිම උනන්දුවෙ අභිත් කතා කරන්න යන දිහා බලාගෙන හිටියා.

" Good Morning Everyone.  First of all, thank you all for coming here today . ඇත්තටම අද මේ meeting එක ගන්න මූලිකම හේතුව වුණේ අපි පටන් ගන්න හදන අලුත් business එක ගැන ඔයාලව දැනුවත් කරන එක. අපේ අලුත්ම business idea එක restaurant chain එකක් but මේක අපේ ASM  group of comapanies වලින් පිට වෙනමම පාලනය වන business එකක්. අපි first step එක විදියට කිරිබත්ගොඩ , නුගේගොඩ , බොරැල්ල second step එක විදියට නුවර , කුරුණෑගල , ගල්ල අපේ restaurant open කරන්න හිතන් ඉන්නවා.  ඔයාල හැමෝටම දැනටමත්   business plan එකේ copy එකක්  ලැබිල ඇති . මෙතන හැමෝම ඉන්නේ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් අපේ company එක වෙනුවෙන් කැපවුණු අය ඉතින් මගේ අලුත් plan එක ගැන  ඔයාලගේ අවංක අදහස් අපිත් එක්ක බෙදා ගන්නව නම් මම කැමතී . "

පැය තුනක් විතර තිබුණු meeting එකට පස්සේ එයාලා හැමෝටම company එකේම  Lunch එක ready කරලා තිබුණා . කාල ඉවර වෙලා ටෙරාන් සිතූ අක්කගෙ cabin එකට වෙලා එයත් එක්ක කයියක් දාගෙන හිටියා. ඔක්කොම එක්ක කතා බහ කරල ඉවර උනාම හැමෝටම සමුදීල අභිත් ටෙරාන්ව හොයාගෙන ආවා.

" යමු නේද ?"

සිතූ අක්කගේ cabin එකේ දොර ඇරලා පුටුවක ඉදගෙන හතර වටේට කැරකි කැරකි ඉන්න ටෙරාන් දිහා බලලා අභිත් අහද්දි ටෙරාන් පුටුවෙන් නැගිට්ටා.

" යන්. "

" ඉන්න මන් අම්මටයි අප්පච්චිටයි කියලා එන්නම්. "

දොර වහගෙන ආයෙ අභිත් CEO room එක පැත්තට යනකොට සිතූ අක්කා එළියට යන්න ගිය ටෙරාන්ගේ අතින් අල්ලල නැවැත්තුවා.

" ඉස්සර ඔයාට අභිත් සර්ව පේන්න බෑ නේ සුදූ. දැන් දෙන්නා හොද යාලුවොද ?"

අභිරන් | Sinhala BLWhere stories live. Discover now