17 🌹

1.4K 184 127
                                    


" සර් අහන්නකෝ..."

" ම්හ්. Good Morning රන්."

දැන් ටෙරාන් දෙපාරක් නොහිතා එක පාරම අභිත්ට Video call ගද්දි call එක නිසා ඇහැරුණු අභිත් ඇදේ කෙලින් අතට හාන්සි වෙලා අතින් ඇස් දෙක පිහිදැම්මා.

" සර් අහන්නකෝ... "

" අහන් ඉන්නේ ටෙරාන් කියන්න. "

" මේ බනින්න එපා හරිද ?"

" පොඩ්ඩක් ඉදපන්. උඹේ ඔය හොර මූණ මට අල්ලන්නෑ. මොකාක් හරි නසරාණි වැඩක් කරල නේ දැන් උබ ඔය බබා වෙන්න හදන්නේ. "

" කරල නෙමේ කරන්න කලින්. හී... හී... "

ටෙරාන් දත් ඔක්කොම පෙන්නලා සුපුරුදු ගොන් හිනාව දාද්දි අභිත් soo done බැල්මකින් ටෙරාන් දිහා බලන් හිටියා.

" කරන්න කලින් නම් කමක් නෑ. කියන්නකෝ බලන්න. "

" මේ මේකයි හරිද ?"

" ඔච්චර තටමන්නේ මොකද ? Phone එකෙන් අත දාලා කනට ගහන්න බෑ නේ . බය නැතුව කියනවා. "

" මන්... මේ... ලබන සතියේ ඉදලා... site එකේ නවතින්න කියල  බලුවේ. "

මුල ටික ඇද ඇද කියලා අග ටික වේගෙන් කියවන් ගිය ටෙරාන් ඉක්මනට bedsheet එක ඇදල අරන් ඔලුවෙ ඉදන් වහගත්තා. තප්පර 30 ක් විතර ගියත් කිසිම සද්දයක් නැති තැන හිමීට bedsheet එක පාත් කරපු ටෙරාන් ආයෙත් phone එක දිහා බැලුවා. කිසි ගාණක් නෑ වගේ kitchen එකේ තියන පොඩි මේසෙ ඉදගෙන කෝපි එකක් හදන අභිත්ව දැකලා ටෙරාන්ට ටිකක් විතර දුක හිතුනා. මොකද එයා බලාපොරොත්තු වුණේ ඕක කිව්ව ගමන් කේන්ති අරන් කෑ ගහලා ඇගට ගොඩවෙලා තර්ජනේ කරන අභිත් කෙනෙක්ව.

" සර්. "

" මොකද ?"

" බයින් නැද්ද?"

" මන් මේ කෝපි එකක් හදාගෙනම බනින්න හොද වචන කල්පනා කරන්න කියලා හිතුවේ.  එතකන් තව ටික වෙලාවක් sheet එක පොරවන් ඉදපන්. "

" මන් ඇත්තටමයි කිව්වේ අනේ ... දැන් ඔක්කොම ලොරි එන්නේ රෑ 9න් 10න් පස්සේ. අනික මගේ ජොබ් එක අනිත් අයට පවරන්නත් බෑ නේ. Security uncle කරනව තමයි . ඒත් ඉතින් එයාට වද දෙන්නත් බෑ නේ . "

" මේ ටෙරාන් තමුසෙට වැඩට ආව දවසෙ ඉදන් පුදුම උණක් නේ තිබ්බේ ඔය site එකේ නතර වෙන්න. අවංකවම මට කියනව බලන්න මොකක්ද ඕකෙ නතර වෙන්න තමුසෙට ඔච්චරටම තියන ඕමනාව කියලා. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now