❄132🥂

1.2K 124 227
                                    

සල් පිල පලවෙනි පාරට තරම් රසක් නෑ... නිදහසෙ වයින් එකක් බීලා ලයිබ්‍රි එකෙ ඉන්න තිබ්බ ටයිම් එකෙ නේද දෙයියනෙ කියලා මම සතූ දිහා බැලුවා. මූ මගෙ ළඟ ඉදලා ඒ විනාඩියට එහා පැත්තෙ කොල්ලෝ රංචුවක් මැද්දට ගිහින් ඉද ගෙන. මම විතරක් වෙන්නෙ මොනවද කියලාවත් නොදැන ඔහෙ බලන් ඉන්නවා නිදිමරගාතෙන්ම.

"ෂැගි මෙන්න අපිට මේ පාරත් ලස්සනම ලස්සන ජොකෙක් දීලා තියෙනවා විකුණලා දෙන්න කියලා..." එක කොල්ලෙක් අමුතු විදියට අහද්දි මම ඌන්ගෙ අතේ තිබ්බ ජොකා දිහා බැලුවා. හම්මටසිරි මේ මොන අවනම්බුවක්ද වෙන්න යන්නෙ. කමක් නෑ මොකෙක්වත් දන්නෙ නෑ නේ මම ඕකට සම්බන්දයි කියලා. එහා පැත්තෙ ඉදලා සතූ මට ඇහැක් ගහද්දි අනේ අම්මපා ඕකා ළඟ හිටියා නම් මම ඕකාගෙ කුලප්පුව බස්සනවා.

"මේක දීලා තියෙන්නෙ තුහින ටකේෂ්... අපේ සභාපතිතුමියගෙ මල්ලි නොවැ..." වටේම මිනිස්සු මගෙ දිහා බලද්දි සතූ හිනාවෙන්නෙ තිරිසනෙක් වගෙ.

"මහත්තයෝ මේක බ්‍රෑන්ඩ් නිව් ද?" සල්පිලේ සතූගෙ පැත්තෙ හිටිය කොලු ගැටව් ටික කෑ ගගහා මගෙන් අහද්දි වැලලෙන්න වලක් නැතුව මගෙ දේ මමම ගන්නවා කියලා මම ලංසුවක් තියන්න ගියා

"රුපියල් 500යි." මට කලින් කෑ ගැහුව සතූ දිහා කොල්ලො, කුරුට්ටො බලන්නෙ හෙන අමුතුවෙන්. ඒ අතරින් පතර මැදින් මැදින් ඔලු දාලා කොල්ලො හූ තියනවා.

"රුපියල් 1000යි."

"ඕහෝ... දුන්න කෙනාටම ජොකා ඕනේ වෙලා ෂැගියෝ මෙන්න මගෙ පැත්තෙන් ලංසුව රුපියල් 1000යි."

"රුපියල් 2000යි." සතූ කෑ ගහලා කියද්දි උද්‍යෝගෙ වැඩි වුනා.

"ඔහෝ රුපියල් 2000යි ඈවරයි... පේනවද ස්කූබී එයා ගේම අත්තරින්නෙ නෑ..."

"3000යි."

"3001යි" සතූ දැන් ආයෙම මගෙ මූණට කියද්දි මම

"3002..."

"3003..." අපි දෙන්නා තට්ට තනියම මෙලෝ මිනිහෙක්ගෙ උදව්වක් නැතුව ලංසු තිය තිය යනවා. දැන් 3020 ඉන්නේ... සතූගෙ පැත්තෙ ඌන් මට කෝ චෝක් කරද්දි මගෙ පැත්තෙ සැට් එකත් මට උපරිම සහයෝගෙ දීලා කෑ ගහනවා.

"ඇයි ෂැගි අපි දෙන්නා අර දෙන්නට මයික් දීලා යන්නෙ නැත්තෙ..."

"එතකොට කූබියෝ කෝ විස්කෝතු ගන්න අපිට සල්ලි.. ඉදපන් කට පියාගෙන...." අනික් පොර කියද්දි වෙඩිල්ල වගෙ ආව දෝණි අරුන්ගෙ අතේ තිබ්බ ජොකා ගත්තා.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Where stories live. Discover now