1st winter

1.5K 255 138
                                    

_Winter Bear_
පලවෙනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

" එයා හිතන් ඉන්නේ එයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා කියලා"

" ඔව්.. උබ හරි බං.. එයා එහෙම තමයි හිතන් ඉන්නේ.. බලන්නකෝ.. මන් නම් හිතන්නේ දැන් කවුරුත් එයාට එච්චර කැමැති නෑ.."

අහින්සා වීනාවී හිටියේ ෆෝන් එකට ඔලුව ඔබාගෙන. මොකුත් නෙවෙයි.. earphones දෙකත් ගහගෙන සින්දුවක් අහනවා..

Jin ගේ Epiphany song එක..

ඒක හින්දා ඉතින් වහල කඩන් වැටුනත් අහින්සට ඇහෙයිද..

ඔය කට්ටිය කතා වෙන්නේ එයා ගැන තමයි.. මේ විදිහට මුලු හොස්පිටල් එකේම එයා ගැන කතා පැතිරුනේ එයා නරක හින්දා නෙවෙයි. ගොඩාක් දක්ෂ හින්දා..

මුලු ලෝකෙන්ම අඩුම වයසකින් විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න පුළුවන් වුණ බැජ් එකෙන් එක සාමාජිකාවක් තමයි අහින්සා කියන්නෙ. දැන් එයාට අවුරුදු 25 යි. ඉතින් ඒක එහෙම වෙලා ලංකාවට ගවුරවයක් ගේන්න පුළුවන් වුණ එකට කෙල්ලට හොඳ කියපු අයට වඩා නරක කතා හදපු අය ගොඩක් වැඩි වුණා..

~~~~~~~~

අහින්සා වීනාවි..

ගොඩාක් වෙලාවට අඩුවෙන් කතා කරන කෙනෙක්. ලොකුකමක් නෙවෙයි. ඒත් ඕනි නැති දේවල් වලට පනිනවා අඩුයි. ආඩම්බරේකුත් නැතුවම නෙවෙයි ඉතින්..

ඇයි කියන්න දන්නෙ නෑ. ඒත් එයා හැමවෙලේම හිටියේ ලොකු දුකක් හිතේ ති‍යන්. ඒ කොහොම වුනත් එයාගෙ දුක වෙන කෙනෙකුට කියලා සැනසෙන්න ඕනි කමක් කෙල්ලට තිබ්බේ නෑ.. හැම වෙලේම පොඩි හිනාවක් දාලා ඉන්න එක තමයි එයා කලේ.

එයා ඔපරේෂන් 10ක් කළොත් අනිවාරෙන් 09ක් අති සාර්ථකයි.. එයා එච්චරට දක්ෂයි..

" ඩොක්ටර්.. ඊළඟ ඔපරේෂන් එක තව පැයකින් පටන් ගන්නවා.."

නර්ස් කෙනෙක් ඇවිල්ල අහින්සාට එහෙම කියද්දි ඔලුව වනල හා කිව්ව එක විතරයි කෙල්ල කළේ.. ඒ නිසා නර්ස් රවපු විදිහ කෙල්ල දැක්කේ නෑ.

' හිතන් ඉන්නේ මහා රැජින කියලා වෙන්නැති..' නර්ස් හිතුවේ රවාගෙනමයි.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now