_30th Winter_

945 183 241
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ටේ හ්‍යුන්.. කෝ එයා..

එතැන් සිට...

_______________________________

කේන්තියේ උපරිමයටම ඇවිල්ලා හිටපු ටේ හ්‍යුන් හිටියේ ඉවසීමේ අවසානෙ මොහොතේ.. අහින්සා meeting room එකෙන් එලියට යනවත් එක්කම හැමෝම බැලුවෙ ටේ හ්‍යුන් දිහා. කේන්තියට එයාගෙ ඇස් රතු පාට වෙලා. එයා ඕනි නම් පරක්කු වෙන්න ඇත්තෙ තත්පර ගානයි. අහින්සා එලියට යනවත් එක්කම ටේ හ්‍යුනුත් ඒ පස්සෙන් එලියට ගියා.

" ටේ.."

කුකි හැදුවෙ ටේව නවත්තන්න වුනත් ජිමින් ඒකට ඉඩ දුන්නෙ නෑ. මොකද එයාට ඕනි වුනා මේ ප්‍රශ්නෙ දැන්මම ඒ දෙන්නා අතින් විසද ගන්නවා දකින්න.

" ඉන්න කුකි.. එයාලා ඒක විසදගනියි.." ජිමින් කියද්දි කුකි මොකුත් නොකිය එකග වුනා.

~~~~~~~~~~

ටේ හ්‍යුන් අහින්සා පස්සෙන්ම ගියා. දෙන්නා හම්බුනේ පඩිපෙල ලගදි. කෙල්ල පඩිපෙල බහින්න පටන් ගන්නවත් එක්කම පස්සහින් ආපු ටේ හ්‍යුන් කෙල්ලගෙ දකුනු අතින් ඇදගෙන ගියේ එතන තිබුන record room එකට. ඒකෙ දොර වහපු ටේ කෙල්ලව දොරට තියලා උරිස් වලින් අල්ල ගත්තෙ කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි විදිහට. ඒ අල්ලපු විදිහට කෙල්ලට දැනුනෙ එයාව අඩුවකට අහුවුනා වගේ. කොහොම වුනත් අහින්සා මොකුත්ම කියන්න ගියෙ නෑ. මොකද එයාට තේරුනා ටේ හිටියේ කේන්තියේ උපරිමේ කියලා.

" තමුන් ඇයි මට බොරු කිව්වෙ..!!? ඇයි තමුන් මට බොරු කිව්වෙ..!!?"

ටේ හ්‍යුන් ඇහුවෙ අහින්සගෙ මූනටම ලන් වෙලා. අහින්සගේ ඇස් වලට කදුලු පිරුනා.

" කතා කරනවා. කතා කරනවා..? ඇයි මෙහෙම කලේ.."

අහින්සා උත්තර දුන්නෙම නෑ. එයා කියලා මොනව කියන්නද..?? එයාගෙම හොදට කලා කියන්නයැ.

" ඇයි කතා කරන්නෙ නැත්තෙ..? තමුන්ට තිබුනා වෙන කෙනෙක් ඉන්නවා නම් මට ඇත්තම කියන්න.. ඒත් ඇයි තමුන් මෙහෙම බොරුවක් කලේ..??"

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now