_15th Winter_

721 172 94
                                    

_Winter Bear_
පහලොස්වෙනි වෙනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

🌿 පහුවුන අවුරුදු බෝනස් 🌿
______________________________________

" මට සමාවෙන්න.. මන් මේ ගැන බලා ගන්නම්.."

අහින්සා නම්ජුන් හ්‍යුන්ගෙ පැත්ත හැරෙනවත් එක්කම එතනට ආපු අනුහස් කිව්වෙ නම්ජුන් හ්‍යුන් දිහා බැගෑපත්ව බලලා. මේ ප්‍රශ්නෙ office එකට ලීක් වෙන්න තියෙන එකම ක්‍රමෙ නම්ජුන් කියල අනුහස් දැනන් හිටියා. මොකද Bighit එකේ දි හ්‍යුන්ගෙ වැඩ අකුරටමනේ.

" මෙච්චර දෙයක් වෙලත් ඔයා ඔහොම කතා කරන්නෙ අනු ඔයාට මෙච්චර වැදගත් ප්‍රශ්නයක්ද මේක..??"

" ඔව් හ්‍යුන්.. මට මේක ගොඩක් වැදගත්.. මන් පස්සෙ පැහැදිලි කරන්නම්.. ඒත් please.. මට මේ chance එක විතරක් දෙන්න.. මන් ඉතුරු ටික බලා ගන්නම්.. I am serious හ්‍යුන්.."

" ඕකේ එහෙනම්.. මන් මේක අත අරින්නම් අනු.. හැබැයි ඒ ඔයාව trust කරලා.."

" Thanks hyung.."

තවත් කිසිම කතාවක් නැතුව අහින්සාගෙ අතින් ඇදගෙන අනුහස් Bighit එකෙන් එලියට ආවෙ Parking Side එකට. අහින්සව ඉස්සරහ සීට් එකෙන් වාඩි කරවපු අනුහස් Car එක drive කරන්න පටන් ගත්තෙ මොකුත්ම නොකියා. අහින්සත් එක වචනයකවත් කතා කලේ නැත්තෙ එයාට තවත් කලකිරෙන්න දෙයක් නැති නිසා.

~~~~~~~~~~


අනුහස් දේවින්ද..

ශ්‍රී ලන්කාවෙ ව්‍යාපාරික මිලියනපතියකුගෙ පුතෙක්..

පාසල් අවදියේ අන්තිම කාලෙදි වෙන සිත් තැවුලක් නිසාම රට අතැරලා එන තරුනයෙක්..

South Korea,
Bighit Entertainment Pvt,
Lead Fashion Designer…

විදිහට වැඩ භාර ගන්නෙ London වලින් ඒ පිලිබදව හදාරපු උපාදියක් එක්ක.

සිත් තැවුලට සහනයක් වෙන්න, තමන්ගෙම අය අමතක කරලා දාපු සිත් වේදනාව යටපත් කරගන්න, එයා ගොඩක් කැපවෙලා වැඩ කරනවා.

ඒ නිසාම තමයි අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුලදී මේ වගේ අති විශාල.. ලෝකප්‍රසිද්ධ පවුද්ගලික ආයතනයක හැමෝගෙම හිත් දිනා ගත්තු.. අති දක්ශ සේවකයක් විදීහට මුලු දකුනු කොරියාවෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නෙ.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now