_16th Winter_

827 168 109
                                    

_Winter Bear_
දහසය වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

" මෙන්න මේක බීලා ඉන්නවා ටේ.."

" ටේ.."

" ටේ හ්‍යුන්.. මන් දැන් කී පාරක් උබට කතා කලාද..? ආ..!?"

ජිමින් ඒ වෙලාවෙ හිටියේ හොදටම කේන්ති ගිගින්.. පෙරේදා සිද්ධියෙන් පස්සෙ ගොඩක් සතුටින් හිටපු කොල්ලා එකපාරටම වෙනස් වුනා.. ඒකට හේතුව අනුහස්.. එයාලගේ main fashion designer.. ඒ කෙල්ල ලග හිටියේ එයා. ඒ කෙල්ලගෙ අතින් අල්ලන් ඇදගෙන ගියේ එයා.. ඔව්.. දකින ඕනිම කෙනෙකුට හිතෙන්නෙ ඒ දෙන්නා යාලුයි කියලා.. එකම රටේ.. එකම ටයිප් එකේ.. එකම ජාතිය, එකම ආගම.. ඔව්.. හැමදේම ගැලපෙනවා..

ටේ හ්‍යුන් ගොඩක් දුක් වුනා මේ ගැන හිත හිත.. හිත ගියා ගොඩක් අයට.. ඒත් මේ විදිහට කවමදාවත් එක් කෙනෙක් පස්සෙ දුවන්න තරම් හිත වහල් වුනේ නෑ..

ඔයා මගේ රටේ නෙවෙයි..

ඔයා මගේ ආගමේ නෙවෙයි..

ඔයා මගේ ජාතියත් නෙවෙයි..

ඔයා කතා කරන්නේ මගේ මවු භාශාව නෙවෙයි..

ඒ මොන දේ වුනත් ඔයාගේ ඇස් වලට, ඔයාගෙන් මන් දැක්ක ඒ ප්‍රතිරූපයට.. ඔයාගේ ඒ ලස්සනට මන් ගොඩක් ආදරේ කරනවා අහින්සා.. මන් ඔයාට ආදරේ කියලා කියන්නත් කලින් මන් පැරදුනා..  මට එහෙම හැගෙනවා.. ඒ වුනත්..

" අඩෝ.. උබට ඕනි මගෙන් කුනුහරපයක් අහ ගන්න ද..??"

ජිමින් ඒ පාර නම් මාරාවේස වුනා.. අතේ තිබුන කෝක් බෝතලේ පොලේ ගැහුව වේගෙට කැඩිලා ගියා නෙවෙයි ඒක කුඩු වෙලාම ගියා..

පාර්ක් ජිමින්..

කවමදාවත් කැමති වුනේ නෑ.. තමන්ගෙ සහෝදරයෝ හය දෙනාගෙන් එක් කෙනෙකුටවත් මොකුත් වෙනවට.. විකාර කරලා විනාශ වෙනවට.. එයාගෙ සතුට තිබුනෙ දෙමව්පියෝ ලග වුනත් ඒ සමාන සතුටක් තමන්ගෙ සහෝදර වරුන්ගෙන් ගන්න පුලුවන් වුනා.. ඒ නිසා ඕනිම දුකකදි සතුටකදි වෙනසක් නැතුව එයාල ලග ඉන්න අනිත් හැමෝම වගේම මේ කොල්ලත් කැපවුනා..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now