_17th Winter_

809 170 106
                                    

_Winter Bear_
දාහත් වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ටේ හ්‍යුන් හිනාවුනේ කන්නාඩිය දිහා බලාගෙන ඒකෙන් පෙනුනු එයාගෙම මූනට. ඊයෙ හවස ඉදලා කොල්ලට එයාගෙ තොල් දෙක හරි ලස්සනට පේන්න පටන් අරන්. කොල්ලගෙ මූන නම් ඉතින් කොහොමත් ලස්සනයිනේ..

2020 World most handsome face..

ඉතින් ලස්සන නොවී තියෙයියැ.. වැඩේ කියන්නෙ මෙයාට හැදිලා තියෙන ලෙඩේට බෙහෙත් නැති එක. කුකියි, ජිමිනියි දෙන්නම හිටියෙ ඔලුවෙ අත ගහන්.

අම්මපා..

තව ටික දවසක් ගියොත් BTS team එකේ maekne set එකට නවතින්න වෙන්නෙ seoul වල mental hospital එකේ.. අහින්සා mental doctor කෙනෙකුත් නෙවෙයි.. හපොයි.. මට තේරෙන්නෙ නෑ.

කිම් ටේ හ්‍යුන්..

එක වෙලාවකට මනමාල හිනාවක් දාගෙන තනියම හිනාවෙනවා..

තව වෙලාවකට තොල් දෙක අල්ලගෙන මුලු ලෝකෙටම තොල් දෙකක් තියන්නෙ එයාට විතරයි වගේ ආඩම්බරෙන් එහාටයි මෙහාටයි යනවා.

අනිත් වෙලාවට උඩ පැන පැන නටනවා..

වෙනදට නිකන්වත් කට අරින්නෙ නැති මෙයා දැන් කෑ ගගහ sing කරනවා..

සමහර වෙලාවට ගිහින් නම්ජුන් හ්‍යුන්ගෙ කරේ නගිනවා..

ජින් හ්‍යුන්ගේ හැන්ද අරන් දුවනවා..

සුගා හ්‍යුන් නිදාගෙන ඉද්දි ඇගට පැනලා මෝඩයෙක් වගේ බැනුම් අහලා පිස්සෙක් වගේ හිනාවෙනවා..

හෝබි හ්‍යුන් එක්ක ඩෙගා නටනවා..

යන්තම් බේරිලා හිටියෙ මෝචියි කුකියයි විතරයි.. ඒකට හේතුව තමයි මොනා හරි ඕනි නැති දෙයක් කලොත් හ්‍යුන්ලට කිව්වොත් කියන බය.. හැබැයි ඉතින් වෙලාවකට ඕක ගැන අමතක වෙලා මෝඩ වැඩ නොකලමත් නෙවෙයි.

ඒ හැම පිස්සු වැඩක්ම ඇතුලේ කොල්ලගේ හිතේ ලොකු පසුතැවීමකුත් තිබුනෙ නැතුවම නෙවෙයි..

පලවෙනියට හම්බෙලා කරපු වැඩේ බරපතළකම කොල්ලට තේරුනේ පස්සෙ පස්සෙ.. කෙල්ලෙකුට කෙල්ලගෙ අවසරයක් නැතුව අතක් හරි තිබ්බොත් ඒක ලොකු වැරැද්දක්.. සමහරු නම් ඉතින් ඒකටම ඉපදුනු කෙල්ලොනෙ..

WINTER BEAR | KTH FF | ✔️Onde as histórias ganham vida. Descobre agora