_42nd Winter_

564 150 174
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
හතලිස් දෙවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" ලොව සුප්‍රසිද්ද පොප් සංගීත කන්ඩායමක් වන BTS සංගීත කන්ඩායමේ වාර්ශික ලෝක ප්‍රසංග සවාරිය ආරම්බ කිරීම සදහා ඔවුන් අද පස්වරු 7.50 පවුද්ගලික් ගුවන්යානයෙන් පිටත් වුනා.. මෙවර මාස දෙකකට අදික කාලයක් එම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි ඔවුන්ගේ ආයතනය අප සමග වැඩිදුරටත් පවසා සිටින්නේ.."

" BTS සංගීත කන්ඩායම මෙවර සහබාගි වන ලෝක ප්‍රසංග සවාරිය මාස දෙකකට.."

" බිලිබෝඩ් වාර්තා පිට වාර්තා පිහිටුවමින් සංගීත ගමනින් මුලු ලොවක්.."

" ඩයිනමයට් ගීතය සදහා වැඩිම දර්ශන වාර.."

" දකුනු කොරියාවෙ ප්‍රදානම විදේශ විනිම.."

හැම රූපවාහිනියකම වගේ ප්‍රදාන ප්‍රවෘත්තිය වුනේ BTS World Tour එක. මේ පාර ඒක ගොඩක්ම විශේශ වුනේ මාස දෙකකටත් වඩා වැඩියෙන් තියන්න කටයුතු සූදානම් කරලා තිබුන නිසා.

අහින්සා ටීවී එක ඕෆ් කරලා ඇදට ආවා. එයාට පුදුම විදිහට පාලුයි.. ටේ හ්‍යුන් එයාගෙ හැමදේම අරන් ගිහින් වගේ එයාට දැනුනෙ. හැම තැනම තිබුනෙ හිස් බවක්..

මාස දෙකක්..

ඒ ආදරේ නැතුව ඉන්න..

කමක් නෑ.. මේ දේවල් වලටනෙ කැපවීම කියන්නෙ..

අහින්සා එහෙම හිතලා හිත හදා ගන්න හැදුවත් මන් හිතන්නෙ නෑ ඒක සාර්තක වුනා කියලා.

~~~~~~~~~~

" මේ අහන්න.. පුලුවන් හැම වෙලාවෙම මන් ඔයාට කෝල් කරනවා මැනික.."

" ම්ම්.. මන් බලන් ඉන්නම්.. මන් හැමවෙලාවෙම ඔයාට මැසේජ් එකක් දාන්නම් ඔප්පා.."

" ම්ම්.. අඩන්නැතුව ඉන්නවා නේද..?"

" ප්‍රොමිස්.. මන් අඩන්නෙ නෑ ඔප්පා.. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි.. තේරුනා නේද..?"

" ම්ම්.. මාත් ප්‍රොමිස් වෙන්නම් පරිස්සමෙන් ගිහින් එන්න.."

" ම්ම්.. වෙලාවට කෑම කන්න.. ලෙඩ හදා ගන්නෙපා.. ප්‍රැක්ටිස් කරන්න කියලා ගොඩක්ම මහන්සි වෙන්නෙපා. පුලුවන් හැමවෙලේම රෙස්ට් කරන්න.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now