_25th Winter_

775 175 81
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
විසි පස්වැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

උදේම අහින්සා ඇහැරුනේ කාමරේ ඉස්සරහින් සද්ධයක් ඇහිලා. ටික වෙලාවක් යද්දි තමයි කෙල්ලට තේරුනේ කෙල්ල දැන් කොහෙද ඉන්නෙ මොනාද කරන්නෙ කියල එක. කට්ටිය practice පටන් අරගෙන ඒ වෙනකොටත්. වෙලාව
උදේ හතරයි. අම්මෝ.. මෙච්චර දුකක්.. මහන්සියක්..

අහින්සත් මූන හෝදගෙන ලෑස්ති වෙලා එලියට ආවා. මොකද කට්ටිය එහෙම practice කරනකොට කෙල්ල විතරක් ඇතුලට වෙලා නිදාගෙන ඉන්න එක හරි නෑනෙ. අනිත් එක කට්ටිය practice කලේ උඩ practice room එකේ නිසා කොහොමත් ඒ සද්ධෙට නිදා ගන්න පුලුවන් යෑ..

" Good morning හැමෝටම.."

" අහ්.. ඔයා ඇයි දැන්ම නැගිට්ටෙ අහි.. නිදා ගන්න ඇති වෙනකල්.. මෙහෙ වැඩක් නෑනෙ.." ජින් හ්‍යුන් කතාව පටන් ගත්තා. කට්ටියට කෙල්ලට good morning කියන්නවත් මතක නෑ කෙල්ල ආවට පස්සෙ.

" අහ්.. මන් ආවෙ බොරුවට ලෙඩ වෙන අයට බෙහෙත් දාන්න.. "

කෙල්ල කිව්වෙ ජිමින් දිහායි කුකි දිහයි බලාගෙන. කෙල්ල තාම බොරු තරහක් පෙන්නනවා.. ඊයෙ අඩපු ලැජ්ජාව වහ ගන්න.. හැබැයි ඒක අහපු ඒ ඩබල නම් වචනයකවත් නොකිය බිම බලාගත්තා.

" මොකක් කිව්වා.. ??" ඒකට නම් ලොකු අයියලා ටික පුදුම වුනා. මොකද එයාලා ඒක ගැන දන්නෙ නෑනෙ.

" ආහ් නෑ ඔප්පා.. මොකුත් නෑ.. ඔයාලා practice කරන්නකෝ.." කෙල්ල ජිමිනාව පාවල දුන්නෙ නෑ ඉතින්..

( මන් වැන්ද නිසා..🙂🔪 )

" අහිට එහෙනම් bed tea එක හදාගෙන තමයි බොන්න වෙන්නෙ.. අපි බොන්නෙ උදේ පහට.." ජින් හ්‍යුන් කිව්වෙ ඔරලෝසුව දිහා බලාගෙන.

" අහ්.. මෙච්චර උදෙන් bed tea බොන්නෙ කවුද හ්‍යුන්.. ඔප්පා ඇවිත් පස්සෙ හදන්නකෝ.."

.
.
.
.
.
.
.
.
.

ඒක නෙවේ.. මන් හදලා දෙයි කියලා හිතේ තියෙන අහින්සක අදහස අයින් කර ගන්න ලොකු ඔප්පා.. මන් නම් හදන්නෙ නෑ.. "

අහින්සා එහෙම කියලා ජින් හ්‍යුන්ට දත් සේරම පෙන්නලා විරිත්තලා පහලට ගියා.. ජින් හ්‍යුනුත් දෙවෙනි නෑ.. ඒත් එක්කම කෙල්ලව රැව්වා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now