_20th Winter_

649 163 44
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
විසිවැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

එලීසා වොශ් එකක් දා ගන්න කියලා කියලා එයාගෙ room එකට ගියත් ඉක්මනට ආපහු එන්න බැරිවුනා. මොකද Director එයාට කතා කරලා files වගයක් හදන්න දුන්නා. ඒ ටික හදලා ඉවර වෙලා කෙල්ල එලියට ගියේ අහින්සටත් එක්ක රෑ කෑම අරන් එන්න. ඒත් එක පාරටම වැඩි වුන traffic එක නිසා කෙල්ල Bighit එකට එනකොට හවස 5.00 ත් පහුවෙලා. එලීසා දිගටම අහින්සට එන්න පරක්කු වෙනවා කියලා කෝල් කලත් ඒ එක පාරකවත් කෙල්ල ෆෝන් එකට answer කලේ නෑ. ඒ නිසා එලීසා හිටියේ හොදටම බය වෙලා. Car එක park කරපු එලීසා අහින්සගේ කාමරේට ගියා නෙවෙයි දිව්වා.

අහින්සගේ කාමරේ දොරට තට්ටු කලත් ඇතුලෙන් කිසිම සද්ධයක් ආවෙ නැති නිසා දෙපාරක් හිතන්නෙ නැතුව ලීසා ඇතුලට ගියා. කාමරේ කවුරුත් හිටියේ නෑ. ඒත් එක්කම washroom එකට ඔලුව දැම්ම කෙල්ල දැක්කෙ මුල්ලකට වෙලා බිත්තියට හේත්තු වෙලා හිටිය අහින්සා..

.
.
.
.

එයා හිටපු විදිහ..

.
.
.
.
.
.
.
.
.

ඉක්මනට අහින්සා ලගට ගිය කෙල්ලව දැක්ක ගමන් ලීසට තේරුනා අහින්සා හිටියේ සිහිය නැතුව කියලා. ඒ වුනත් ඒ ඇස් වලින් කදුලු වැටුනා. එලීසා හොදටම බය වුනා. මොනාද කරන්නෙ කියලා. කොහොමත් එලීසා කියන්නෙ හදිසි අවස්ථා වලට බය කෙනෙක්. ඒ වගේ වෙලාවට මොනාද කරන්නෙ කියලා එයාට හිතා ගන්න බෑ. අඩනවා මිසක්..

එයා තේරුම් ගත්තා එයාට දැන් තනියම මොකුත් කරන්න බෑ කියලා. මීශා ඔන්නිට කෝල් කලේ ඒ නිසා. ඒ වුනත් මීශා ඔන්නි phone එකට answer කලේ නැහැ. ඒ නිසා අහින්සා දිහා එකපාරක් බලපු ලීසා මීශා ඔන්නිව හොයාගෙන costume room එකට දිව්වෙ පඩිපෙල් නවයක් නැගලා.

ඒ යනකොට මීශා ඔන්නි හිටියේ අනුහස් එක්ක ටේ හ්‍යුන්ගේ First Day Costume check කරන ගමන්. ටේ හ්‍යුන්ගේ මූනේ තාමත් අඩල මැලවුන පාට තිබුන. ජිමින් එහා පැත්තෙ ඉදන් ෆෝන් එකේ ලොකු කතාවක. ජන්කුක් ටේ හ්‍යුන් ලගින්ම හිටියෙ තනියට වගේ.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now