_38th Winter_

744 172 322
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් අටවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" එයා ඔයාට වඩා සීනියර් වෙන්නෙ කොහොමද යුන්ශික්..? එයා මෙතන ඉන්න make-up artist කෙනෙක්. ඔයා මෙතන ඉන්න medical team එකේ head.."

" සර්.. ඔයාම පොඩ්ඩක් හිතල බලන්න අම්මා ගැන දෙයක් කිව්වම ඔහොම දෙයක් මතක් වෙන්නෙ නෑ.."

" ......."

" හ්‍යුන්.. අපි කලබල නැතුව තීරනයක් ගන්නෝනි.. දැන් මේක විසද ගන්නවා ඇරෙන්න මෙයාට බැනලා වැඩක් නෑනෙ.." ජන්කුක් කිව්වෙ ජිමින්ගෙ උරහිසකින් අත තියන ගමන්.

" කලබල නැතුව ඉන්න.. කොහොමද කුකී ඔයා ඕක කරන්නෙ..?"

" කරන්න අමාරුයි හ්‍යුන්.. ඒ වුනත් අපිට මේකෙන් ගැලවෙන්න පුලුවන් එකම ක්‍රමේ ඒක.."

" ඔයා යන්න යුන්ශික්.. මේ ගැන අපි දැන ගත්තා කියලා කාටවත් කියන්න ඕනි නෑ. අපි මේක ගැන බලා ගන්නම්.. ආපහු මොනා හරි වුනොත් මුලින්ම අපි දෙන්නට කියන්න ඕනි.. තේරුනානෙ..?"

" තේරුනා සර්.. මට සමාවෙන්න සර්.."

" කමක් නෑ.. දැන් යන්න.."

.

" හ්‍යුන්.. අපි මේක ටේ හ්‍යුන්ට කියන්න ඕනි නෑ නේද..?"

" මන්දා.. මට හිතා ගන්න බෑ.."

" ඔව් හ්‍යුන්.. අපි කියන්නෙ නැතුව ඉමු.. අපි කිව්වොත් වෙන්නෙ හ්‍යුන් අහිගෙන් සමාව අරන් සේරම ඉවර කරයි. ඒක එතනින් නිකන්ම ඉවර වුනොත් එහෙම වෙන්නෙ ආපහු ඔහොම ප්‍රශ්නයක් වුනොත් මේ දේවල් සේරම ඒ විදිහටම ආපහු වෙන එක.."

" ඔව්.. ඔයා කියන දේ හරි කුකී.. ආපහු මොනා හරි වුනොත් ටේ අහිව සැක කරයි. ඊට පස්සෙ ඔයා කිව්වා වගේ මේ වුන දේවල් සේරම ආපහු වෙයි. හැමදේකින්ම වැරදිකාරයා වෙන්නෙ අර කෙල්ල.. මාත් වැරදියි.. මාත් එයාව සැක කලා.."

" හ්‍යුන්.. දැන් වුන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.. අපි බලන්න ඕනි ඉස්සරහට වෙන දේවල් ගැන.."

" බලමු.. මේ දෙන්නා හවස් වෙනකොටත් මේ ප්‍රශ්නෙ විසදගත්තෙ නැතොත් අපි ජුන් හ්‍යුන්ලට කියලා මොකක් හරි කරමු.."

WINTER BEAR | KTH FF | ✔️On viuen les histories. Descobreix ara