_18th Winter

703 172 100
                                    

_Winter Bear_
දහ අට වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" අහි.. කතා කරන්න නන්ගා.. අහි.."

මීශා ඔන්නි අහිට වතුර ඉහින ගමන් සිහිය ගන්න ලොකු try එකක් දුන්නා. මහන්සිය නිසාම කෙල්ලට සිහිය එන්න විනාඩි පහක් විතර ගියා. ඒ වෙනකොටත් කෙල්ලගෙ පහල කකුල් දෙකයි සුදු පාට ඇද රෙද්දයි තද රතු පාට වෙලා.

" ඔ..න්නී.. ආ.."

" නන්ගා.. ඔයාට ගොඩක් අමාරුයි නේද?"

අහින්සගේ සිහින් ඉකියක් පිටවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එයා හිටියේ ගොඩක් අමාරුවෙන්..

" අහන්නකෝ.. ඔයාට වැඩක් නැති එකේ කෙල්ල අදට රෙස්ට් කරන්න.. ම්ම්.. වරුවක් තියනවානේ.."

" ඒත් ඔන්නී.."

" ඒත් මේත් ගාන්නෙපා.. ඔයා සනීප වෙන්න ඉක්මනට.. කොහොමත් තව දවස් දෙක තුනක් යනකල් ඔයාට අමාරු වෙයි. අපි ලබන සතියෙ මහන්සි වෙන්න ඕනි ගොඩක්.."

" ම්ම්.."

" ඔයාට කන්න.. අහි?.."

" ආ.. මන්.."

" නෑ.. ඕන නෑ. මන් ඔයාට මේ girl අතේ මොනාහරි එවන්නම්.. මෙයාට අද ලොකුවට වැඩක් වැටෙන්නෙ නැතිවෙයි.. ඒ නිසා ඔයා ලගින් ඉන්න මන් මේ girl ට කියන්නම්.. ඔයා rest කරන්න.. තේරුනානේ..??"

එකදිගට මහ ගොඩක් උපදෙස් දීපු මීශා ඔන්නි ඒ girl ව අහින්සා ලගින් තියලා පිට වුනා..

~~~~~~~~~~

එයා එලීසා ග්‍රාන්ටේ.. එන්ගලන්ත ජාතික ගෑනු ලමෙක්.. අවුරුදු විසි එකයි කෙල්ලට. එයා Bighit එකේ වැඩට ආවෙ Lawyer කෙනෙක් විදිහට. උපාධිය හදාරලා තිබුනෙ London විශ්ව විද්‍යාලයෙන්.

ඒ කෙල්ල හරි ලස්සනයි.. ඒ කියන්නෙ බෝනික්කෙක් වගේ හරිම cute. ඉංග්‍රීසි ජාතික වුනාට දරදඩු කමක් ගෑවිලා තිබ්බෙවත් නෑ. පොඩ්ඩ බැරිවුන ගමන් කෙල්ල අඩනවා. පොඩි එකෙක් වගේ.. හරි බයයි සැරෙන් කතා කරන හැමෝටම..

හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියනවා.. ජොබ් එකේදි නම් ඉන්නෙ සාමාන්‍ය කෙල්ල නෙවෙයි. ඒ වෙනස හිතා ගන්නවත් බෑ. මෙයත් එක්ක කතා කරලා නඩුවකින් දිනන්න පුලුවන් වුන එක් කෙනෙක් හරි ඉන්නවා නම් ඒ දාහකින් එක් කෙනෙක් විතරයි. එච්චරටම එයාගෙ තර්ක හරි සැරයි. එලීසට පුලුවන් භාශා හතරක් කතා කරන්න.. English, Japanese, Korean & Chinese..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now