_08th Winter_

707 187 147
                                    

_Winter Bear_
අටවන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

අහින්සා හිතුව දේ හරියටම හරි. ඊළඟ උදේ යනකොට වෙන්න ඕනි සේරම වෙලා. කෙල්ල හොස්පිටල් එකට අඩිය තියන කොටම Nurse Iyun ඇවිත් අහිංසාට කතා කළා.

" Doctor Ashi.. ඔයාට Doctor Park Office එකට එන්න කිව්වා මේ දැන්මම.."

Doctor Park කියන්නේ Doctor Woo Bin ගේ තාත්තා.

" Excuse me Doctor Park.."

" ආ.. Doctor Ahinsa.. එන්න ඇතුලට.. වාඩි වෙන්න.."

" Thank you Doctor Park.." අහින්සා කිව්වේ වාඩි වෙන ගමන්.

ඔයා ඇවිත් සති දෙකක් විතරයි නේද.. ඒ වුණත් ඔයාගේ විනයේ තියන ප්‍රශ්ණයක් නිසා ඔයාව අපි අපේ Hospital එකෙන් අයින් කරන්න තීරණය කළා"

Doctor කිව්වා. Doctor Park මේක කියලා ඉවර වෙනකොට බලාපොරොත්තු වුණේ අඬන කෙල්ලෙක්ගේ මූණක්.

ඒ වුණත් මේ දේ අහින්සට නම් අමුත්තක් වුණේ නෑ. මොකද කෙල්ල බලාපොරොත්තු වුණා මෙහෙම වෙයි කියලා. අහින්සා වූ බින්ට ගැහුවෙත් මේ දේට මුන දෙන්න වෙනවා කියලා දැනගෙනමයි. මොකද මෙයාගෙ පුතානේ එයා.

" හරි Doctor Park.."

" ඔයාට සමාව ගන්නවත් හිතෙන්නේ නැද්ද.. අඩුම තරමේ මේකට හේතුව අහන්නවත් නැද්ද.." Doctor Park ඇහුවේ කටත් ඇරගෙන.

" මන් දැන් මේකට හේතුව ඇහුවා කියලා ඔයාලා මට ගන්න ක්‍රියාමාර්ගය අවලංගු කරන්නේ නෑනේ.. අනිත් එක සමාව ගන්න මන් කළේ වැරැද්දක් නෙවෙයි කියලා මන් හොඳට දන්නවා.. ඒ වගේම ඒක ඔප්පු කරන්න ක්‍රමයක් නෑ කියලත් මන් හොඳට දන්නවා. ඔප්පු කරන්න නම් පුළුවන්. ඒත් මට ඒකට මහන්සි වෙන්න කිසිම ඕනිකමක් නෑ. ඒක නිසා ඔයාලා කියන විදිහට මෙතැනින් අයින් වෙන එක ඇත්තටම මට ලේසියි"

අහින්සා කිව්වේ Doctor Park ට අහන්න තවත් එක ප්‍රශ්නයක්වත් ඉතුරු කරන්නේ නැතුව.

ඒ ටික අහන් හිටපු Doctor Park ගේ කට් කෙලත් හිඳුණා. මොකද මේ කෙල්ල මෙච්චර කෙලින් වැඩ කරන කෙනෙක් කියලා එයා දැනත් හිටියේ නෑ. අනිත් එක තමයි වැරැද්ද තමන්ගේ පුතාගේ කියලත් එයා හොඳටම දැනගෙන හිටියා. වැඩේ දුර දිග ගිහින් නීතියට අත දැම්මොත් වැඩ වරදින්නේ තමන්ටම කියලා එයාට තේරුණා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now