_13th Winter_

696 178 76
                                    

_Winter Bear_
දහතුන්වෙනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

විනාඩියක් ගියේ නෑ..

ඒ ඇස් ආපහු හම්බුනා..

දෙන්නා ඇත්තටම ඇස් අඳුර ගත්තා..
ඔව්..

ඒ ඇස් වල කිසිම වෙනසක් තිබුණේ නෑ..

ටේ හොයපු ඇස් ඒ විදිහටම ඒ කෙල්ල ළඟ තිබුණා..

ඒ මාලේ අයිතිකාර ඇස්..

ඒ කෙල්ල ළඟ තිබුණා..

කොල්ලා ගල් ගැහුනා නෙවෙයි. මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව ගියා. මොනදේ වුනත් කොල්ලට ඒ ඇස් දෙක ගොඩක් හොදින් මතක තිබුනා. කාටවත්ම මකන්න බැරි සදාකාලික මතකයක් විදිහට.

මොනවා වුනත්..

වැඩක් වුණේ නෑ..

ඒ ඇස් සමාන වුණත් හොයපු මුණ සමාන වුණේ නෑ..

ඒ මූණ බැරිවෙලාවත් ඒ ඇස් වලට සමාන මූණට හිමිකම් කීවා නම්..

ඒත් එහෙම වුණේ නැති නිසාම..

ඒ හමුවත්..

දෙවැනි හමුවට වඩා නරක වුණා..

එයාලගේ ඇස් එකතු වෙලා තියෙන්න ඇති එක මොහොතක්.. ඒ වෙලාවේ වැඩිපුරම පුදුම වුණෙත් කොල්ලා වෙන්න ඇති. මොකද ඒ ඇස් හොයන්නෙ කොල්ලා නිසා. ඒ වුණත් ඒ මූණේ තිබුණ වෙනස්කම් ඒ බැඳීමට වැට බැන්දා..

" Excuse me.. ඔයාට පුළුවන්ද මගේ අත අත් අරින්න.."

ටේ හ්යුන් අහින්සගේ ඒ හඬින් තමා ගැස්සිලා මේ ලෝකෙට ආවේ. ඒ වෙනකොටත් අහින්සගේ ඇස් වල පුරුදුබවක් දැනිලා තිබුණ ටේ එයාගේ ඇස් වල අතරමං වෙලා හිටියේ.

" අනිත් එක ඔයා මට එයාගෙන් Excuse කරන්න කියන්නේ හරියට මන් විතරක් වැරැද්ද කළා වගේනේ.. හොඳට මතක තියාගන්න දෙයක් කියනකොට හොයලා බලලා කතා කරන්න.. මොකද ඔයාගේ ඔය girlලුත් වැරදියි ඒ කරපු වැඩේට. අනිත් එක මන් excuse කළා. එයා කළේ මට බැනපු එක විතරනේ. අන්න ඒ නිසා මන් එයාට වඩා හොඳයි.." 

අහින්සාගේ ඉවසීමේ සීමාව හොඳටම පැනලා තිබ්බත් පුළුවන් තරම් හොඳ වචන පාවිච්චි කරලා තමයි ටේට ඒ විදිහට කතා කළේ.. ඒ වුණත් කෙල්ලට පස්සේ හිතුනා එහෙම කතා කළා සැර වැඩියිද කියලත්.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now