_32nd Winter_

821 175 456
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් දෙවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ඔයාලා හිතනව ද මේක මේ කතාවෙ සතුටුදායක අවසානය කියලා.. නෑ.. මේක ආරම්භයක් විතරයි.. දුකකටද.. සතුටකටද කියන්න මන් දන්නෙ නෑ..

එතැන් සිට..

_________________________________

" ටේ ඔප්පා.."

" ම්ම්.."

" ඔයා බෙහෙත් බොන්න ඕනි.."

අහින්සා කිව්වෙ ටේ හ්‍යුන් ලගින් පොඩ්ඩක් ඈත් වෙලා. තාමත් කෙල්ල හිටියේ කොල්ලට තුරුලු වෙලා. එයා එච්චරටම ඒ පපුවෙ උනුහුමට ඇබ්බැහි වෙලා.

( මදැයි අහින්සට දැන් හරි ඕක මතක් වුනා..😒)

දැන් කෙල්ල අඩන එක නවත්තලා. ඒ වුනත් කදුලු තාම ඇස් වල තියනවා. ටේ හ්‍යුන් නම් හිටියෙ හොදටම සන්සුන් වෙලා. කොහොමත් අහින්සාගෙ ඇස් ඉස්සර ටේගෙ දුක වතුර බින්දුවක් වගේ.. කලින් ටේ හ්‍යුන් හිතුවා වගේම අහින්සගේ ඇස් දිලිසෙනවා. තරු වගේ..

" බෑ.. "

" ආ..??"

" මට බෑ බෙහෙත් බොන්න.."

" අපොයි.. ඒ මොකද ..??"

" බෙහෙත් තිත්තයි.."

" නෑ.. මේවා පැනි රසයි. මාව අත අරිනවද..? බෙහෙත් දෙන්න වෙලාව පහුවෙලා දැන්.."

" බෑ අනේ.. බෙහෙත් බොන්නත් බෑ.. අත අරින්නත් බෑ.." ටේ කිව්වෙ අහින්සව තවත් ලගට ගන්න ගමන්.

" හහ්.. කියන දේ ඇහුවා නම් බෙහෙත් බොන්න වෙන්නෙ නෑනෙ.. දැන් ඉතින් විදවන්න වෙන්නෙ ඔයාටම තමා.."

අහින්සා ඒක නම් කිව්වෙ කොල්ලට සමච්චලේට. ටේගෙ මූන බෙරි වෙලා ගියේ නරක් වුන පුඩිමක් වගේ..

" මියන්හේ අහි.."

" මට ඕක කිව්වා කියලා වැඩන් නෑනෙ දැන්.. දැන් පරක්කුයිනෙ ඔප්පේ.."

" අනේ.. බෙහෙත් බොන්න බෑ.."

" ඔයාට ඕනි hospital ගිහින් තව රිද්ද ගන්නද..??"

" අනේ ඒ වුනත් බෙ.."

" කෝ කෝ ඉන්න.. විකාර නොකර "

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now