05th winter

746 183 32
                                    

_Winter Bear_
පස්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

අහින්සා වීනාවී....

එයා ඇත්තටම හරි ලස්සනයි. ගොඩක් සුදුයි. ඒ නිසා ලංකාවේ දී එයාගේ ලස්සන ගොඩාක් කැපිලා පෙනුනේ නැහැ. කොන්ඩෙත් ගොඩාක් දිග නැහැ. උරහිසට ටිකක් පහලට වෙන්න තිබුණේ. ඒත් straight තද කළු පාට කොන්ඩයක් ඒක.

ගොඩාක් වෙලාවට කෙල්ලගේ ජාතික ඇඳුම තමයි ඩෙනිම සහ ටී - ශර්ට් එක. එහෙම ඇඳලා කොන්ඩේ ටිකක් උඩට කරලා ගුලියක් වගේ වෙන්න බැඳ ගත්තාම කෙල්ල හිතුවේ ඒක සුපිරි වැඩේ කියලා. එහෙමයි කියලා style නොකලේමත් නෑ. ඒත් ඉතින් ඕනි තැන් වලට ගවුමක් එහෙම ඇඳන් ගියොත් ඉතින් හැමෝම කන්න වගේ බලන් ඉන්න නිසා කෙල්ල ඒකට වැඩිය කැමති වුණේ නෑ.

ෆෝන් එක කියන්නේ හැම වෙලේම අහින්සගේ අතේ තිබුණු අනිවාර්ය අංගයක්. Purse එක ළඟ නැතත් ෆෝන් එක කවමදාවත් එයා අතින් මිස් වෙන්නේ නෑ. එහෙම වුණේ ෆෝන් එකට තිබ්බ ආසාව හින්දා නෙවෙයි. කොයි මොහොතේ තමන්ට කෝල් එකක් එයිද කියලා කෙල්ල දැනගෙන හිටියේ නැහැ. සමහර විට හදිසි ලෙඩෙක් බලන්න යන්න වෙන්නත් පුළුවන්. සමහර විට මොකක් හරි කරදරයක් වෙලා හදිසි අනතුරු සේවයට වාර්තා කරන්න වෙන්නත් පුලුවන්.

~~~~~~~~~~

ටේ හ්යුන් පැයක් විතර යනකල් එහෙමම office room එකේ හිටියේ හිත හදා ගන්න ට්‍රයි කරන්න. ඒත් ටිකක් වෙලා යන කල් එයාට ඒක කරන්න අමාරු වුණා. මොකද එච්චරම කොල්ලා noonaට ආදරේ කළා තමන්ගේම අම්මට වගේ.

ඒත් තවත් ටික වෙලාවක් යද්දි කොල්ලට තේරුණා දැන් මොකුත් කලාට වැඩක් නැහැ කියලා. ඒ නිසා තමයි ජන්කුක්ගේ recording එකේ වැඩේ කොහොමද බලන්න recording room එක පැත්තට ගියේ. ඒ වෙනකොටත් ඒක ඉවර වෙලා තිබ්බේ නැහැ. ඒක ටිකක් අමාරු song එකක්. ඒක නිසා ගොඩාක් මහන්සි වෙන්න වුණා ජන්කුක්ට ඒ වැඩේ ඉවර කරන්න.

" ටේ හ්යුන් සර්.. ඔයාට director sir office එකට කතා කරනවා.." guard කෙනෙක් ඇවිත් ආපහු කොල්ලාට කිව්වේ හදිස්සියෙන් වගේ.

' දැන් ඒකේ ඉඳන් ආවා විතරයි. ආපහු මොකක්ද දන්නේ නැහැ. එක පාරක් හිත රිද්ද ගත්තා මදැයි. දැන් ආපහු..... ' තනියෙන් හිත හිත ටේ හ්‍යුන් ආපහු office room එකට ගියා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now