_33rd Winter_

980 175 518
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් තුන්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" කොහොම කිව්වත් මන් දැනන් හිටියා ඔයා හ්‍යුන්ට එකපාරින් කැමැති වෙනවා කියලා.."

" ඇයි ඒම කියන්නෙ කුකී.."

දෙන්නා විනාඩි විස්සකින් විතර යන්තම් තරගෙ ඉවර කලා. කෙල්ල පැරදි ඉතින්.. අහින්සව බෙල්ලෙන් අල්ලගෙන කුකියා එයාව එක්කන් ආවෙ garden එකේ තියන pond එක ලගට. එතන හරි ලස්සනයි..

" ඔයා එයාට ආදරෙයිනෙ.. ගොඩාක්.."

" hint pass කරනවද ඔයා..?"

" පිස්සුද මෝඩියේ. මන් මේ serious.."

" ම්ම්.. ඇත්ත.."

" ඇත්තටම ඔයාලා දෙන්නම ගැලපෙනවා.."

" මොකක්..!"

" ඔයාලා දෙන්නා ගැලපෙනවා කියලා කිව්වේ.."

" ඇයි එක පාරටම එහෙම කියන්නේ..?"

" එකපාරටම නෙමේ ඔයාව දැක්ක ගමන් මට හිතුනා හ්‍යුන්ට ගැලපෙන්නෙ ඔයා වගේ කෙනෙක් කියලා.."

" ඔයාට එහෙම හිතන්න කිසිම හේතුවක් නැහැ නේ. අඩුම තරමේ මම ලස්සනවත් නෑ. ඔයාගෙ හ්‍යුන් world most hansome නේ.."

" අනිත් දේවල් වලින් නැතත් පෙනුමෙන් නම් නියමෙට ගැලපෙනවා.."

" අද උදේ ඇඳෙන් නැගිට්ටෙ අනිත් පැත්තෙන් ද..?"

" මං මේ serious මෝඩියේ කතා කරන්න.. තමුසෙ මාර ලස්සනයි.."

" ආ.. ඔව්නේ.. අමතක වුනා.. මන් world wide beauty නේ.."

" නෑ.. ඒම නම් නෑ.. එහෙම වුනා නම් ජින් හ්‍යුන්ටනෙ ඔයාව අයිති.."

" ඉතින් මන් දැන් අයිතිත් එයාටනේ..?"

" මැරුම් කන්න ආසද..?"

" හී.."

" පොඩ්ඩක් ඉන්න.. තමුන්ගේ bias ජින් හ්‍යුන් නේද..??"

" අපෝ මගේ යාලුවා වෙලා තාම ඒකවත් හරියට ගෙස් කර ගන්න බෑ.."

" මැරුම් කන්න ආසද..?"

" ටිකක්.."

" බෑනේ.. තමුසෙව මැරුවොත් එහෙම මට ගෙදර ඉන්න හම්බ වෙන්නේ නෑනේ.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now