_27th Winter_

726 184 228
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
විසි හත්වැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" ඔන්නි seriously මේක medical team එකට අදාල කතාවක්.. අපි මේ.."

" පොඩ්ඩක් ඉන්න.. medical team එකේ කතාවක් නම් මෙතන ඉන්න ඕනි යුන්ශික් නේ.. ඇයි ඔයාල මේක මට කියන්නේ..??" අහින්සා ඇහුවෙ පුදුමෙන්.

" ඔන්නි.. අපිට උදවු ගන්න පුලුවන් එකම කෙනා ඔයා විතරයි. හන්ගන්න ඕනි නෑ අක්කි.. මාත් දැන් Bighit එකේ lawyer. ඒ නිසා මේකෙ තියන ගොඩක් දේවල් මන් දන්නවා. අක්කිගේ normal medical officer කෙනෙක් නෙවෙයි කියන එක මන් දන්නවා.."

" එලීසා..!!"

" කමක් නෑ ඔන්නි.. ඔයාට ඒක හන්ගන්න හේතුවක් තියෙන්න ඇති. මන් ඒකට තරහ නෑ.."

" ......"

" මන් එහෙනම් අක්කි කෙලින්ම කතාවට එන්නම්.. සාමාන්‍යයෙන් නම් කොරියාවෙ නීතිය අනුව doctor. MBbs තියෙන කෙනෙකුට වෛද්‍ය ආයතනයක ඇරෙන්න පවුද්ගලික ආයතනයක වැඩ කරන එක තහනම්. මෙච්චර කල් තිබුනෙ ඒ නීතිය. ඒ වුනත් හරියටම ඊයෙ රෑ අලුතින් ගැසට් කරලා තියනවා Doctor කෙනෙක් යටතෙ නැතුව කිසිම පවුද්ගලික ආයතනයක medical team එකක් ඉන්න බෑ කියලා.."

" එතකොට ඔයා කියන්න හදන්නෙ දැන් අපි ගැන ද ලීසා..??"

" ඔව් ඔන්නි.."

" ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ.. අලුත් නීති එනවා නම් සහන කාලයක් ලැබෙනවා නේද ඒ නීති පද්දතියට අනුගත වෙන්න..??"

" ඔව්.. ඒත් අපි ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.."

" ඇයි ඒ.. ??"

" Entertainment වලට සහන කාලයක් නැහැ.."

" හරි.. කොහොම වුනත් අවුලක් වෙන්නෙ නෑ.. ඔයාලට පුලුවන් නේ medical team එක විසුරුවන්න.."

" බෑ අක්කි.. අපි මේක register කරලා තියන්නෙ.. අනිත් තව ලොකු ප්‍රශ්නයක් තියනවා.."

" ඒ මොකක්ද ..??"

" අපිට QW Entertainment එක නඩුවක් දාලා medical team එකට විරුද්ධව.. අපි මේ මොකුත් දන්නෙ නෑ. මේ ලියුම මේ දැන් ලැබෙද්දි තමා අපි හැමදේම දන්නෙ.. වැඩි කල් නෑ.. අනිද්දා රැස්වීමක් තියනවා මෙහෙදි.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now