_31st Winter_

822 191 273
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් එක් වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________


ටේ හ්‍යුන්ගෙ බලේ හින්දම නම්ජුන් හ්‍යුන් Doctor Hyung Bin ට කතා කලේ වාහනේදිමයි. කොච්චර රෑ වුනත් පාරවල් වල තිබුනු traffic එක නිසා පැය දෙකේ ගමන පැය තුනක් වුනා.

_At the vehicle_

ටේට යන්තම් bandage එක දාපු කෙල්ල විනාඩි පහක් විතර බිම ඉදන්ම හති ඇරියා. ඊට පස්සෙ ජිමින්ට එහා පැත්තෙන් වාඩි වුනා. පස්සහ සීට් එකේ ටේයි ජිමිනුයි අහින්සයි හෝබි හ්‍යුනුයි හිටියේ. එහා දෙපැත්තෙ කොන් දෙකේ ටේයි හෝබි හ්‍යුනුයි. ටේට මෙහා පැත්තෙ ජිමින්. ජිමින්ටයි හෝබි හ්‍යුන්ටයි මැද්දෙ අහින්සා.

ටික වෙලාවක් යද්දි කෙල්ලට නින්ද ගිහින් තිබ්බෙ ජිමින්ගෙ උකුලෙ ඔලුව තියාගෙන. කෙල්ලට ගොඩක් තදට නින්ද ගිහින්. මහන්සිය හින්දත් වුනු තුවාලෙ හින්දත්. ඒක එයාට ඇදුම් කනවා එයා හරියට treatment කලේ නැති නිසාම. ටේට කෙලින්ම අහින්සගේ මූන පේනවා. ටේ හ්‍යුන් ටිකක් වෙලා බලන් හිටියා. කෙල්ලගෙ මූන දිහා නෙවේ. අතේ තුවාලෙ දිහා.

' ඇත්තටම ඒක ගොඩක් රිදෙනවා ඇති' ටේ තනියම හිතුවෙ තමන් ගැනම පසුතැවෙන ගමන්.

ජිමින්ටත් ලාවට නින්ද ගිහින් හිටියෙ. ඒ වුනත් එකපාරටම කකුල් දෙකට දැනුනු සීතලක් හින්දා ජිමින්ට ගැස්සිලා ඇහැරුනා.

වෙන දෙයක් නෙවෙයි. අහින්සා අඩනවා. නෑ නෑ.. එය ඇහැරිලා නෙවෙයි හිටියේ. නින්දෙදිම එයාට ඇඩිලා. ජිමින් එකපාරටම බැලුවෙ ටේ දිහා. ටේත් ඇස් වල කදුලු පුරෝගෙන අහින්සා දිහා බලන් ඉන්නවා.

ජිමින් ටේගෙ අත අරන් අහින්සගෙ ඔලුව උඩින් තිබ්බා. ජිමින් දිහා පුදුමෙන් ටිකක් වෙලා බලන් හිටපු ටේ අහින්සාගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තේ ටිකකට කලින් තමන්ම මේ කොන්ඩෙ ගලවන්න හැදුවා නේද කියලා මතක් කරන ගමන්.

හැමවෙලේම ටේ ඉක්මන්.. ඒ නිසා හරියට එයාට පසුතැවෙන්න වෙන අවස්ථා වැඩියි.

" කලින් හැමදේම අමතක කලත් නැතත්.. මේ කෙල්ලව තුවාල කලාට උබ අනිවාරෙන් සමාව ගන්නෝනි ටේ.. වෙන මොකුත් නෙවේ. උබ ඇත්තටම මේ කෙල්ලට ආදරේ නිසා.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now