_Postscript_

958 183 300
                                    


_Winter Bear_ ( Fan Fiction Only )
        Postscript

________________________________

කාලය..

මන් හැමදාමත් කියනවා වගේ ඔයා හරි පුදුම දෙයක්..

හේතුව හරියටම දන්නෙ නෑ.. ඒ වුනත් මන් දන්නවා කාලය කියන්නෙ හරි පුදුම දෙයක් කියලා..


~~~~~~~~~~~

අද තියෙන පාඩම විද්‍යුත් රසායනය කියලා ගිය සතියේ පන්තියේදි සර් කිව්වා මට ලාවට වගේ ඇහුනා. ඔව්.. මට ඒක විතරයි ඇහුනෙ.. මොකද සර් ඊට කලින් කිව්ව වාක්‍යෙ තිබුනෙ ' පුතේ අදට පන්තිය නතර කරමු' කියන වචන ටික නිසා. අන්න ඒක ඇහිලයි මන් ඇහැරුනේ.. ඒකෙ තේරුම එච්චර වෙලා මන් හිටියේ නිදාගෙන කියන එක. ඇත්තටම මට මන් ගැනම කලකිරුනා. ලියන්න ගොඩ ගහලා තියෙන නෝට්ස්.. ෆෝන් එකේ සේව් කර ගත්තු ස්ක්‍රීන් ශොට්ස්, පීසී එකේ තියෙන pdf documents.. ඇයි මට මෙහෙම වුනේ..

ඊලග පාඩම විද්‍යුත් රසායනය කිව්වට වැඩක් නැහැ.. මන් ඒක ඉගෙන ගන්නෙ කොහොමද ඊට කලින් කිසිම දෙයක් ඔලුවට නොගෙන.. නෑ.. ඇත්තටම මට මන් ගැනම පුදුමයි.. මන් මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි..

ඒත්..

කාලය හැමදේම වෙනස් කරලා..

මේ කලකිරීම් ඇතුලෙදි මට එකපාරටම ඒ අතීතෙ මතක් වෙනවා..


~~~~~~~~~~

සෝල් වල මන් ගොඩක් ආදරේ කරන තැන්..

ගොඩක් ආදරේ කරන චරිත..

කවමදාවත් අමතක නොවෙන හිනාවල්..

සුදු පාටට වැටුන හිම පියලි අල්ලපු විදිහ..

ඒ හැම දෙයක්ම..

වින්ටර් බෙයා කතාව මන් ලියලා ඉවර කරලා දැන් මාස ගානක් වෙනවා. ඇත්තටම මට මාස ගානවත් මතක නෑ. ඒ කියන්නෙ එච්චර කාලයක් ගත වෙලා කියන..

ඇත්තම කිව්වොත් මට දැන් ගෙවෙන්නෙ නිදි නැති රැයවල්.. හරියට ගොඩාක් කාලෙකට ඉස්සරින් අතීතෙ වගේ..

වින්ටර් බෙයා ඇතුලෙ ගෙවපු කාලෙ මගේ මතකෙට එනවා. එතකොට මට හිතෙනවා ආපහු එතනට යන්න තිබුනා නම් කියලා.. ඒ වුනත් මට ආයෙමත් මතක් වෙනවා මට එතනට යන්න බෑ නේද කියලා. ආපහු ඍතුවක් ලියන්න කවමදාවත් බෑ කියලා..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now