_37th Winter_

672 165 503
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් හත්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" ගුඩ් මෝනින් බං.." ජිමින් මුලින්ම විශ් කලා.

" මෝනින්.. මෝනින් හ්‍යුන්ලා.." ටේ හ්‍යුන්ට නම් කිසිම හැගීමක් නෑ වගේ.

" මෝනින් ටේ.. කෑම එක බෙදලා තියන්නෙ.. අපි දැනටමත් පරක්කුයි.. ඉක්මනින් කන්න.." ජින් හ්‍යුන් මොකුත් නොවුන ගානට කීවා.

" හ්‍යුන් මට බඩගිනි නෑ හ්‍යුන්.."

" මගෙ මොකුත් අහ ගන්නෙ නැතුව කනවද ටේ..? තමුන් වේල් කීයකට කාලා නැද්ද කියලා දන්නවනෙ.."

" ඒත් මට.."

" එකපාරක් ජින් හ්‍යුන් කියපු දේ තේරෙන්නෙ නැද්ද ටේ..?" හෝබි හ්‍යුන් ටේගෙන් ඇහුවෙ සැරට නෙවේ. ඒ වුනත් ටේ එහෙමම dining table එකට වාඩි වුනා.

" අහින්සා කෑවද ජින් හ්‍යුන්..?" වෙනදා පුරුද්දටම ටේ පලවෙනි කන්න කලින් පලවෙනියට ඇහුවෙ ඒක. ඒත් අද අහින්සා නෑ..

" එයා ආවෙ නෑ ටේ.. ඊයෙ රෑ ගිය ගමන් එයා තාම ගෙදර ආවෙ නෑ.."

මුලු dorm එකම අද නිකන් මූසල පාටයි. කිසිම එලියක් නෑ. වෙනදට උදේට කවන්න ඕනි.. නැත්නම් කන්නෙ නෑ.. ජින් හ්‍යුන්ට තේ හදන්න උදවු කලේ නැතොත් දවසම හ්‍යුන්ගෙ මූන බලන්න බෑ.. ජිමින්ව නැගිට්ටව ගන්න පැය දෙකක්වත් නටන්න ඕනි. ඒ වුනත් අද ඒ මොකුත් නෑ.. ජින් හ්‍යුන් තනියම උදේට තේ හැදුවා. එයා තනියම නිසා අද හෝබි හ්‍යුන් උදේම නැගිට්ටා. ජිමින් නැගිට්ටෙ කවුරුවත්ම කතා කරන්න කලින්. එයා කොච්චර හරි හැමෝටම කලින් නැගිටලා ලෑස්තිත් වුනා. ජන්කුක් එක වචනයක් කියන්නෙ නෑ. ෆෝන් එකේමයි.

ජිමින් තනිකරම හිටියේ අහින්සා වැරදියි කියන මතේ. මොකද එයා ඒ photos ගැන විශ්වාස කලා. අඩුම තරමෙ ඊයෙ රෑ සුගා හ්‍යුන් කියපු එක වචනයක්වත් පිලිගන්න ජිමින් කැමති වුනේ නෑ. එයා පසුතැවුනා අහින්සව එදා රෑ ආපහු එක්කන් ආපු එක ගැන. ගොඩක් නෙවෙයි. ගොඩාරියක් එයා පසුතැවුනා.

ජන්කුක් නම් කිසිම කෙනෙක්ගෙ පැත්ත ගත්තෙ නෑ. සුගා හ්‍යුන් කියපු හැම වචනයක්ම වගේ එයා තේරුම් ගත්තා. ඇත්ත.. මේ ගැන තව හොයලා බලන්නෙ නැතුව තීරනයක් ගන්න අපිට අයිතියක් නෑ. එයා හිතුවෙ එහෙම. එයා උදේ ඉදන් කරපු එකම දේ ටේ හ්‍යුන්ගෙ phone එකෙන් ඒ photos ටික එයාගෙ phone එකට දාගෙන ඒකෙක් මොනාහරි හොයාගන්න පුලුවන්ද කියලා බලපු එක.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now