_34th Winter_

688 158 234
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් හතර වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________


" පාටියක්..!!?"

" ඕ.."

" පිස්සු ද ජිමිනි..?! ටේට අමාරුයි..

" කියන්නෑ මන්.. දැන් කෙල්ල ඉන්නවනේ.. මොන අමාරුවක් ද..?"

ජිමිනුයි ජින් හ්‍යුනුයි රන්ඩු වෙනවා.. රෑ සෝජු පාටියක් දාන්න ජිමින්ට ඕනි වෙලා..

" ටේ බිව්වහම හැටි දන්නවනේ.."

" දේ දේ හ්‍යුන්.. මන් බලා ගන්නම් එයා ගැන.."

" ඒ වුණත්..!"

" අනේ අනේ හ්‍යුන්.. අපි කාලෙකින් පාටියක් දැම්මෙ නෑනේ.."

" අනේ මන්දා.."

" කැමතිනෙ.. අනේ මන්දානේ.. හරි.. ඒ කියන්නේ කැමතියි හොඳේ.."

ජිමින් එහෙම කියලා හිනා වෙවී එළියට ගියා. අද රෑට පාර්ටි.. ටේගෙ සතුටටම නෙවෙයි ඉතින්. කට්ටිය කාලෙකින්නෙ free වුනේ.

" යාහ් අහින්සා.. අපි අද රෑ පාටි දානවා.. එනවනේ.." ජිමින්ට තමා ලොකුම අමාරුව. කෝමහරි මේ වැඩේ arrange කලෙත් එයා තමයි.

" party..!? ඒ මොකටද..?"

" මොකද අහන්නෙ පාටි තියන්නේ සතුටට නේ.."

" සතුටට.. ඒක නම් දන්නවා.. දැන් මොකක්ද මෙතන තියෙන සතුට පාටි තියන්න තරම්..?"

" ඇයි පවුල් වුන එක.."

" මොකක්..!?"
" යාහ්..! ජිමිනී ඔප්පා.. මැරෙන්න ආසද..?"

" නෑ නෑ සීරියස් කියන්නේ අපි අද රෑට පාටියක් දානවා.."

" මොකද ඒ..?"

" විශේශයක් නෑ ඉතින්.. ගොඩ කාලෙකින් නිසා.."

" හ්ම්.. කමක් නෑ.. දාන්නකෝ එහෙනම්.. දැන් නොකියා කියන්නේ මට මෙහෙන් යන්න කියල ද..? ඕගොල්ලන්ට පාටිය තියන්න ඕන නිසා.."

" ඕ.. ඒම තමා.."

" හොදයි හොදයි.. මටත් hospital එකට යන්න ඕනි.. වැඩ වගයක් තියේ.."

" යාහ්.. මගෙන් ගුටි කන්න ඕනේ වෙලාද..?"

" හරි හරි.. joke එකක් කළේ.."

WINTER BEAR | KTH FF | ✔️Onde as histórias ganham vida. Descobre agora