_23rd Winter_

637 167 85
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
විසි තුන්වැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" මොකක් කිව්වෙ..?? කෙල්ලෙක් dorm එකට යන්න හදනවා..??"

ජීහි කතා කරා නෙවෙයි කෑ ගැහුවා. එයා දැන් තමයි දන්නෙ අහින්සා medical officer කෙනෙක් විදිහට dorm එකට යවනවා කියලා. ඒකත් මීශා ඔන්නි කිව්වට පස්සෙ.

" ඇයි..?? නවත්තන්න ද ජීහි..??"

මීශා ඔන්නි ඇහුවේ කට කොනකින් හිනාවෙලා. මොකද ජීහීට ටේ හ්‍යුන්ගෙ පස්සෙන් යන අමුතු පිස්සුවක් තියනවා කියලා ඔන්නිට කලින් ඉදන්ම දැනිලා තිබුනෙ.

" කවුද ඔන්නි ඒ කෙල්ල.. ආ.. කවුද කෙල්ලෙක්ව එහෙම යවන්න කැමැත්ත දීලා තියන්නෙ..??"

" ඔයා කෑ ගැහුවට වැඩක් නෑ ජීහි.. Director sir තමයි අහින්සාව දාලා තියන්නෙ.. ඔයාට මොකුත් කරන්න බෑ.."

" හහ්.. අහින්ස ද..?? මට කොහොමත් ඒකිව පෙන්නන්න බෑ.. නිකන්ම නිකන් medical officer කෙනෙක් වුනා කියලා හෙන ගෑස් එකේනෙ ඉන්නෙ.. කෝමත් ඒකි මටයි ටේ ඔප්පටයි හෙන සීන් එකක් දැම්මා දවසක්.. බලාගන්නම්කො මන් ඕකිත් එක්ක.."

ජීහි එහෙම කියලා තරහින් නැගිටලා ගියේ අහින්සට දෙකක් කියනවා කියලා..

අහින්සා බෑග් එකත් අරගෙන කොල්ලන්ගෙ practice room එකට එන ගමන් හිටියෙ. කට්ටියටම එතනට සෙට් වෙනවා කියලා තමයි කුකි කෙල්ලට කියල තිබුනෙ. කොල්ලො ටික practice room එකට වෙලා හිටියේ අහින්සා එනකල්.. ඒත් එතන ජින් හ්‍යුන් හිටියෙ නෑ. එයා හිටියේ washroom ගිහින්.

" මේ හලෝ.."

ජීහි එතනට ඇවිත් අහින්සට කතා කලා. කරුමෙකට හොදටද මන්දා ඒ වෙලාවෙ practice room window curtains සේරම උඩට දාලා තිබුනෙ. ජීහි දැක්කෙ නැති වුනත් කොල්ලො ටික බලන් ඉන්නෙ එයාලා හිටපු පැත්ත කියලා අහින්සා මුලින්ම දැක්කෙ එයාලව.

" මට ද කතා කලේ..??"🙄

අහින්සා ඇහුවේ සාමාන්‍යයෙන් Bighit එක ඇතුලෙ එයාට එහෙම තරහෙන් කතා කරන්න කෙනෙක් ඉන්න විදිහක් නැති නිසා.. තරහ වුනත් ටේ හ්‍යුන් විතරයිනෙ.. එයාටත් දැන් මාව අමතක ඇති.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now