4th winter

804 192 74
                                    

_Winter Bear_
සිව්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

" ජන්කුකා.. උබ ලෑස්ති වෙලා ඉවරද..? "

ටේ කෑ ගැහුවේ දොර ළඟ ඉඳන්.. ඒ වෙනකොටත් කොල්ලා යන්න ලෑස්ති වෙලා හිටියේ.

" විනාඩියෙන් මන් එළියේ හ්යුන්.."

ජන්කුක් ඊට වඩා හයියෙන් කෑ ගැහුවේ මාස්ක් එක අතට ගන්න ගමන්.

විනාඩි පහක් යන්න කලින් දෙන්නා වාහනේට නැග්‍ගා. පැය බාගයක් විතර යනකොට bighit එකට යන්න පුළුවන් වුණේ උදේ traffic අඩු නිසා. යනකොට ජන්ග්කුක්ගේ රෙකෝඩින් එක කරන්න සේරම වැඩ ලෑස්ති කරලා තිබ්බ නිසා එයා කෙලින්ම ගියේ recording studio room එකට..

ටේ හ්යුන් උඩ office එකට ගියා. යනකොටත් make-up artist noona ඇවිත් හිටියා office එකට. වෙනදා වගේම එයාගේ මූනේ තිබුණේ calm හිනාවක්. කොල්ලා එහෙමම ගිහින් වාඩි වුණාට පස්සේ PD sir කතාව පටන් ගත්තා.

" ටේ හ්යුන්.. දන්නවනේ ඔයාගේ noona resign වෙන්න හදන්නේ කියලා.."

" මට ඊයේ ජින් හ්යුන් කිව්වා.. ඒත් හේතුව මොකක්ද කියලා දන්නේ නෑ.."

" මේකයි.."

Director කතාව පටන් ගත්තත් ටේ හ්යුන් ඒ කතාව මගඇරලා කතා කරන්න පටන් ගත්තා.

" අහන්නකෝ noona.. මන් විකාර වැඩ කළා තමයි.. ඒ වුණත් මන් කවදාවත් ඔයාට joke එකක්වත් කරලා නෑ ඔයාට අයින් වෙන්න තරම්.." ටේ එහෙම කිව්වේ noona දිහා බලලා ඇඩුණු මුණකින්.

" නෑ නෑ ටේ හ්යුන්.. ඔයාගේ වැරැද්දක් නෙවෙයි. මේක එයාගේ personal දෙයක්. ඒකයි ඔයාගේ noona යන්න හදන්නේ.." කොල්ලගේ මුන දැකලා Director ටත් දුක හිතුනා.

" මට වද දුන්න එකට වඩා වදයක් මට දුන්නේ නෑ කොල්ලො උබ. දන්නවනේ.. මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු එක්කෙනා කොලේජ් යවන්න ඕනි. ඉතින් ගෙදර වැඩ වැඩියි. ඒක නිසා තමයි මන් අයින් වෙන්නේ.." Noona කිව්වා.

" ඔයාට ඒ වැඩ ටික කරන්න මෙහෙන් අයින් වෙන්නම ඕනිද noona.."

ඒ පාර නම් ටේට ඇත්තටම ඇඬුණා. මොකද එයාගේ අම්මා තාත්තා ළඟින් නැති idol life එකේ අම්මා කෙනෙක් වගේ හිටියේ make-up artist noona විතරමයි. ඇත්තටම noona කොල්ලා ගැන ගොඩාක් හොයලා බැලුවා. අවුරුදු ගානක් තිස්සේ කොල්ලගේ make-up බැලුවේ noona තමයි. ඉතින් එහෙම කෙනෙක් දාලා යනකොට දුකයිනේ..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now