_35th Winter_

733 158 192
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් පස්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________


" ඔයා මල් වලට ඔච්චර ආසයි කියලා මන් දන්නෙ නෑනෙ.." ටේ හ්‍යුන් කිව්වෙ මල් ගස් වටේට දුවන අහින්සා දිහා හිනා වෙවී බලන ගමන්.

" ඇයි අනේ එහෙම කියන්නෙ..? බලන්න.. මේ මල් කොච්චර ලස්සන ද..?"

" ම්ම්.. ලස්සනයි තමයි ඉතින්.. ඒත් ඉතින්.."

" මොකක්ද ඒත් ඉතින්..?"

" ඔයා තරම් ලස්සන නෑනෙ.." ටේ හ්‍යුන් එහෙම කිව්වෙ කට කොනකින් හිනාවෙන ගමන් අහින්සා දිහා බලලා.

" යාහ්.. ඔප්පා..!!" අහින්සා කිව්වෙ බිම බලාගෙන මූනත් ජම්බු සයිස් රතු කරගෙන.

" ඉතින් මන් ඇත්තනෙ කීවෙ ළමයො.."

" හා හා.. යන්න ඔයා.." අහින්සා එහෙම කියන ගමන් ටේ හ්‍යුන්ගෙ කර වටේට අත දා ගත්තා.

දෙන්නා හිටියේ Garden එකට ඇවිත්. මතකයිනෙ.. එදා අර දෙන්නෙක් කපුරු මලකට රන්ඩු කලේ..

.

.

" ඔප්පා.. නොකිවුවට බයෙන් නේද ඉන්නෙ? මැහුම් කපන එකට..?"

" ම්ම්.. එහෙමමත් නෑ ඉතින්.. ඔයා ඉන්න නිසා බය වෙන්න ඕනි නෑනෙ.."

" බය වෙන්නෙපා. මන් රිදෙන්නෙ නැතුව මැහුම් අයින් කරන්නම්.."

" ම්ම්.."

" තාම ගොඩක් රිදෙනව ද ඔයාට..?"

" නෑ.. සතුටින් ඉන්නකොට තුවාල රිදෙන්නෙ නෑනෙ ඉතින්..'

" අම්මෝ ඉතින්.. මන් කියන්නෙ නෑ.."

" ඇයි මොකද..? ඉරිසියාද ඔයාට..?"

" වැඩේටමයි මට ඔයාට ඉරිසියා කරන්න. යන්න අනේ.."

" බ්ලා.. බ්ලා.. තමයි.. කටේ සැර.. මේ අහන්නකෝ.. එදා මන් අතින් වුන තුවාලෙ සනීපද..?"

" මන් හිතන්නෙ මන් කලින් දෙපාරක් කිව්වා ඔප්පා ඔයාට ඒ ගැන මතක් කරන්න එපා කියලා.. තේරෙන්නෙ නැද්ද ඔයාට..?"

" අහ්.. ඔයා එහෙම කිව්වට හරි යනවද..? මන් එදා ඔයාටව ඒ විදිහට තල්ලු කලේ නැත්නම් ඕක වෙන්නෙ නෑනෙ.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now