_07th Winter_

801 190 136
                                    

_Winter Bear_
හත්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

ටේ හ්යුන් තව මොනවත් කියන්නේ නැතුව ලිෆ්ට් එකෙන් බැස්සා. කොල්ලට වුන දේ එච්චර ගානක් නෑ වගේ තමයි පිටට පේන්න තිබුණේ.

ටේ හ්‍යුන් එහෙම වුණත් අහින්සා තාමත් හිටියේ මේ ලෝකේ නෙවෙයි. කොල්ලා බිත්තියට තියලා හේත්තු කරපු විදිහටම කෙල්ල ඔහේ බලන් හිටියා. අනේ මන්දා.. කෙල්ල වෙව්ලනවා තාම.

ටේ ලිෆ්ට් එකෙන් බැස්සත් එයාගේ මුළු හිතම අමුත්තක් වෙලා තිබුණේ.. ඒ හිත කෑ ගහනවා.

_Taehyung's P.O.V._

ජීහිගෙන් නොදැක්ක දෙයක් මේ කෙල්ලගේ ඇස් වල තිබ්බා..

ඇයි මේ අමුතු හැඟීමක්..

ඒ ඇස් පිහාටු වල දිග..

ඇස් දිලිසුන විදිහ..

මන් ලංවුණ වෙලාවේ ඒ යටි තොල හපාගෙන බයෙන් වෙව්ලපු හැටි..

හරියට හා පැටියෙක් වගේමයි..

මන් කෙල්ලගේ ඉන ළඟින් අත තියපු වෙලාව..

කෙල්ල පන නැතුව වැටෙන්න ගිය හැටි..

මන් අල්ල ගත්තේ නැත්නම් බිම..

සමහර විට කෙල්ල මේ පාරත් බය වුනාද දන්නේ නෑ..

මහතත් නැති, කෙට්ටුත් නැති ඇඟ..

Princess කෙනෙක් වගේමයි..

හරිම ලස්සනයි..

මේ විදිහට හිත කෑ ගහන හින්දම යන්න කලින් ආපහු කෙල්ලගේ මුන බලන්න ටේට ඕනි වුණා. ආයෙත් ඒ පැත්තට හැරුණේ ඒක නිසා..

_Ahinsa's P.O.V._

අහින්සාගේ මුළු හිතම ටේ හිරිවට්ටල තිබුණේ ඒ වෙනකොටත්.

අවුරුදු හතරක ආදරේ..

ඒ විදිහට හම්බුනාම..

කවදාවත් ලැබෙන්නේ නැති කෙනෙක් ඇස් ඉස්සරහට ආවම..

රඟපාන්න වුණත් එච්චර ලස්සනට කතා කළාම..

ඒ ඇස්..

ඒ බලපු විදිහ..

ඒ ගැඹුරු බැල්ම..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now