06th winter

804 194 157
                                    

_Winter Bear_
හයවන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
_______________________________________

" Doctor Ahi.. ඊළඟ surgery එකට තව විනාඩි 20 යි තියන්නේ.." ඒ Nurse Iyun.

දැන් අහින්සා Seoul වල Base Hospital එකේ වැඩ. නැන්දලාගේ ගෙදර ඉඳන් තමයි වැඩට ගියේ. දැන් නැන්දත් ගයෙලුත් හිත හදන් හිටියේ. ඒකට ගොඩක් උදවු වුණේ අහින්සා තමයි. හැම වැඩකදීම උදව් කරලා ගයෙල්ව ඉස්කොලේ යවලත් තමයි අහිංසා වැඩට එන්නේ. නැන්දා Resturant එකක් කරන්න පටන් ගත්තේ වෙන කරන්න දෙයක් නැති තැන. මාමාගේ පඩිය ආවත් ඒක ජීවත් වෙන්න මදි කියලයි නැන්දා හිතුවේ. මුලින් අහිංසා එපාම කියලා බල කළත් පස්සේ හිත හදා ගන්නත් එක්ක ඒ වැඩේ හොදයි කියලා එයාට තේරුණා.

දැන් අහින්සා ටිකක් busy. කොහොමත් කෙල්ල විශේෂඥ නිසා අමුතුවෙන් පෝස්ට් එකක් ගන්න ඕනි වුනේ නෑ.. කෙලින්ම වැටුණේ surgery ward එකට තමයි. දැන් එයාට ලංකාවේදී වගේ කතා හදන්න හිනාවෙන්න කවුරුත් හිටියේ නෑ. ඒක නිසා ගොඩාක් සතුටින් තමන්ගේ වැඩ ටික කර ගන්න ඇයට පුළුවන් වුණා. හැමෝම ගොඩක් සහයෝගයෙන් මහන්සි වෙලා වැඩ කළා. දවස් ගානක් ඇතුළත මුළු හොස්පිටල් එකේම හොඳ නමක් දිනා ගන්න එයාට පුළුවන් වුණේ ඒ නිසා.

Nurse Iyun කියන්නේ අහින්සට ගොඩක්ම ළඟින් වැඩ කරපු කෙනා. එයාත් පොඩි වයසේ ගෑනු ලමෙක්. අලුත් පත්වීමක්. ඒත් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.

ප්‍රශ්නයක් නැති තැනක් නෑ කියනවනේ. ඉතින් අහින්සට වදයක් වෙන දේකුත් මේ අතර තිබ්බා. මන් කලිනුත් කිව්වේ අහින්සගේ පෙනුම නිසා හෙන කරදර කියලා. ඉතින් වැඩට ආපු පළවෙනි දවසේ ඉඳන් Hospital එකේ main director ගේ ලොකු පුතා අහින්සට බැල්ම දැම්මා. එයා Park Woo Bin. එයත් doctor කෙනෙක්. ලස්සනයි තමයි. හැබැයි අහින්සට මාර වදයක්. යන යන තැන පස්සෙන් එනවා.

" මන් ඔයාට කැමතියි " කියලා අහින්සා ජොබ් එකට ගිය දෙවෙනි දවසේම Park Woo Bin කිව්වේ.

" I am sorry"

කියලා කෙලින්ම අහින්සා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළත් තාමත් Woo Bin පස්සෙන් එනවා. හොඳට පාරක් දීලා දෙකක් කියලා දෙන්න හැදුවත් ආපු ගමන් ප්‍රශ්න දා ගන්නේ ඇයි කියලා අහින්සා කට වහන් හිටියා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now