_11th Winter_

708 174 64
                                    

_Winter Bear_
එකොළොස්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

ඒක හරි ලස්සන ඍතුවක ආරම්භයක්..

අහිංසා හිටියේ Bighit Entertainment ආයතනයේ බිම් මහල ඉස්සරහ.

ඔව්..

ඉස්සරහට වැඩ කරන්න වෙන තැන. නේවාසික රැකියාවක්. දුක් විඳින්න ඕනි රැකියාවක්. රැයක් දවාලක් නැති රැකියාවක්. මුළු ලෝකෙක ගෑනු ළමයි මෙතනට එන්න පෙරුම් පුරන්නේ ඒ විඳින්න ඕනි දුක නොදැන නෙවෙයි. එච්චරටම ඒ ආදරේට ආදරේ නිසා.

එකමත් එක කාලෙක දකුණු කොරියාව කියන ලස්සන රටෙන් තාරකාවන් 7ක් මතුවුනා.

අවුරුදු ගානකට විතරක් එයාලා රැස් විහිදෙවුව වුණත් අදටත් ඒ ලස්සන මතකයන් අපි ළඟ තියනවා.

ඒ ගෑනු ළමයි අනාගතේදි කියලා දෙයි තමන්ගේ මිනිබිරියන්ට.. මුණුබුරන්ට.. ඒ ලස්සන ආදරේ ගැන. එයාලා නිසා ඉගෙන ගත්තු දේ ගැන.

අපි එයාලට කිව්වේ වෙඩි නොවදින බාලදක්ෂයෝ කියලා.

Bangtan Sonyeoldan..

ලේසියට BTS වුණා.

RM
Jin
J-hope
Suga
Jimin
V
JK

අපි එයාලට කෙටියෙන් කිව්වේ එහෙම..

ඒ ආදරේ..

ඔව් එයාලා අපිට කියලා දුන්න දේවල්.. මාත් එහෙම කියලා දෙයි මගේ දරුවන්ට..

ඒත් අනේ මන්දා..

මන්..

" Excuse me.. පොඩ්ඩක් එහාට වෙනවා ද..??"

අහින්සා කල්පනා ලෝකෙන් මිදුණේ ඒ සද්දෙ ඇහිලා. කෙල්ල හිටියේ පාර මැද දැනටම කිසි සිහියක් නෑ..

" මන් හිතන්නේ එයා පිස්සු කෙනෙක්ද කොහෙද.."

එදා උදේම අහින්සට පලවෙනි කමෙන්ට් එක හම්බුනේ පාරේ ගිය පොඩි ලමෙක්ගෙන්. ඇත්තටම කෙල්ල මුණේ දකුණු පැත්තේ ඇදගෙන හිටපු මාර්ක් එක ඒ තරම්ම ලොකුයී. අනිත් එක එයා ඒක පාට කරලා තිබුණේ කළු පාටින්. ඒක නිසා අච්චර ලස්සන කෙල්ල දැන් පෙනුනේ විරූපී කෙනෙක් වගේ නෙවෙයි.

පිස්සියක් වගේ..

මොකද.. සුදු මුණකට කිසිම ගැලපීමක් නැති make-up එකක් කරල තිබුණ නිසා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now