_39th Winter_

696 160 143
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස්නව වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

Cover by : Min Nuwi..
Tnqqqqqqqq so much ❤️🥰 
ඒක ගොඩක් ලස්සනයි. ඒන්ජල් කෙනෙක් ඉන්නවා ඒකෙ 🥺❤️

Still With you එකේ written introduction එක Publish කලා. YouTube එකේ video trailer එක තියනවා.. ගිහින් බලන්න.. මේක ඉක්මනින් ඉවර කරලා AuthorNim එතනට යන්නම්..

________________________________

ජීවිත 1500 ක්..

මතකයන් ගොඩක්..

ඉපදෙන්නෙ මැරෙන්න වුනත්..

අහිමි හීන ගොඩක්..

~~~~~~~~~~

" මැඩම්.. ඔයාගෙ kit එක camp no 3 වල තියනවා.."

" හරි.. මට විනාඩි දෙකයි ඕනි.. team එක කැදවන්න.."

" හදිසි ආපදා ස්ථානයකි. පසු කම්පන ඇති විය හැකිය. අනවසරයෙන් ඇතුලුවීම තහනම්."

එතන තිබුනෙ එහෙම board එකක් විතරයි. හැම තැනින්ම ඇහෙන්නෙ මර ලතෝනි හඩ. සුදු රෙදි දාලා වහපු හුස්ම ගන්නෙ නැති මිනිස්සු.. ඇගෙන් අත් කකුල් වෙන්වෙලා හිටපු මිනිස්සු.. දෙමව්පියෝ ඉල්ලලා අවහිර කරලා තියන ගේට්ටු ලග පොරකන ළමයි.. එහෙට මෙහෙට දුවන මෙහෙයුම් කන්ඩායම්.. තැනක් නොතැනක් නැතුව බෙහෙත් කරන වයිද්‍යවරු..

දැනට විනාඩි ගානකට කලින් මෙතන කොච්චර ලස්සනට තියෙන්න ඇතිද..? ඒ හිනා හඩවල්.. කට හඩවල් වෙනුවට දැන් ඇහෙන්න තියන්නෙ විලාප විතරයි..

~~~~~~~~~~

කාලය..

ඔයා හරි පුදුමයි..

ඒ කියන්නෙ.. හැම ජීවිතයක්ම භාර ඔයාටද..?

ඒකට උත්තරේ දන්නෙ නැති වුනත්.. මන් අහලා තියන්නෙ හැම ප්‍රශ්නෙකටම ඔයා උත්තර දෙනවා කියලා විතරයි.. ඒත් ඒවයින් සමහර ඒවා වැරදි උත්තරලු.. මොන දේ වුනත් ඔයා ඔයාමයි.. මම මමමයි..

~~~~~~~~~~

ඇදන් හිටිය t-shirt එකයි ඩෙනිමයි ගලවලා දාපු අහින්සට kit එකට මාරු වෙන්න මහ වෙලාවක් ගියේ නෑ.. මහ වෙලාවක් ගියේ නෑ නෙවෙයි.. මහ වෙලාවක් තිබුනෙ නෑ.. මොකද.. hospital එකේ surgery room එක ඇතුලෙදි වගේම දැන් පොලොවට අඩි ගානක් යටින් මිනිස්සු හුස්ම ඉල්ලන හඩ එයාට ඇහෙනවා. එකම වෙනසයි.. දැන් එයාලා හුස්ම ඉල්ලන්නෙ පොලොව යට හිරවෙලා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now