Chapter 01

735 97 3
                                    

" ආයිශ්..... 😭 කොහෙද ඔයා ඉන්නේ?? 😭 අනේ සූයා චේබල් මට මෙහෙම කරන්නෙපා මැනික. ඔයාගේ කුකී අඩනවා. ඔයා කැමති නෑ නේද මම දුකෙන් ඉන්නවට. ඉතින් ඇයි දැන් ඔයාට පේන්නේ නැත්තේ මම ඉන්නේ දුකෙන් කියලා. මගේ පපුව පැලෙන්න වගේ සූයා. අනේ තවත් මට මෙහෙම කරන්නේපා. ඉන්න තැනකින් එන්නකෝ...🥺🥺🥺"

ජන්ග්කුක් එයාගේ කාමරේට වෙලා උදේ ඉදන් හොදටම අඩනවා. කොල්ලා දවසටම කාලා බීලා මුකුත් නෑ.

හ්ම්... 😞

සූයා කියන්නේ ජන්ග්කුක්ගේ ෆස්ට් ලව් එක.💔

ජන්ග්කුක් සූයට ආදරේ කලේ පිස්සෙක් වගේ. ඒත් සූයා මීට අවුරුදු 2කට කලින් සූසයිඩ් කරගත්තා. කෙල්ල සියදිවි නසාගන්න හේතුව අදටත් කවුරුත් දන්නෙ නෑ. මේ අවුරුදු දෙක පුරාවටම ජන්ග්කුක් පිස්සෙක් වගේ හෙව්වේ එයාගේ කෙල්ලව.එයාගේ උඩුහිත කැමති වුනේ නෑ සූයා මැරිලා කියලා පිලිගන්න. ඒත් එයාගේ යටිහිත නම් පිලිගත්තා සූයාව තවදුරටත් හොයලා වැඩක් නෑ කියලා. මොකද කොල්ලා සූයාගේ ඩෙඩ් බොඩී එක එයාගේ ඇස් දෙකෙන්ම දැක්කා.

"යාහ්.... කුකියා... තමුන්ට මම ආයි කියන්නෑ. මේ දොර ඇරහන් බූරු පැටියෝ... තොට කීපාරක් කියන්නද ඒ කෙල්ල සූයා නෙමේ කියලා. අපි හැමෝම සූයාගේ ඩෙඩ් බොඩී එක දැක්කානේ කුකියා... මෙහෙ එනවා.. උදේ ඉදන් මුකුත් කාලා නෑ. ලෙඩ වෙන්නද ඕනේ මනුස්සයෝ😬"

ජින් හ්‍යුන්ග් ජන්ග්කුක්ගේ කාමරේ දොරට තඩි බබා කෑගහන්නේ කොල්ලා ලෙඩ වෙයි කියන බයට. අනික හෙට රෑට එයාලට කොන්සට් එකකුත් තියෙනවා. එහෙම එකේ මේ කොල්ලා නොකා නොබී කොහොමද ආර්මිලට හොද කොන්සට් එකක් දෙන්නේ?? ඒ මදිවට හොදටම බීගෙන...

Flashback

" කුකී... කුකී...📣 කොහෙද මේ කොල්ලා.... ටේ... ටේ.... කෝ යකෝ මුන් දෙන්නා??? 😬 මොන ලෝකෙක අන්තරස්තාන වෙලාද මන්දා...😑 යාහ්හ්.... ඔය ටේකුක් ඩබල තොපිලා දෙන්නා කොහෙ හිටියත් කමක් නෑ වහාම පහලට එනවා. ඔව් මේ දැන්ම...😡"

ජින් හ්‍යුන්ග් ඩෝම් එකටම ඇහෙන්න බෙරිහන් දෙද්දි මායි ටේ හ්‍යුන්ග්නුයි හිටියේ ජින් හ්‍යුන්ග්ට හොරා වීඩියෝ ගේම් ප්ලේ කර කර... 🖲️

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now