Chapter 28

211 40 6
                                    

Jimin pov

මම චාරුව තුරුල් කරන් හිටියේ කෙල්ලට නින්ද යනකන්. පව් එයාට හොදටම මහන්සි පාටයි.. ඇගත් ගොඩක් ගොඩක් රිදෙනවාලු.. ඉතින් මම බිමින් ඇලවෙලා කෙල්ලව මගේ පපුවට තුරුල් කරගත්තේ එයාට නිදාගන්න ලේසි වෙන්න..

දැන් මිනිත්තු පහලවක් වගේ ඇති.. හී හී.. මගේ මැනික හොදටම නිදි.. 😍 කෙල්ල මෙහෙම මට තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා දකිද්දි මට පුදුම සතුටක් දැනෙන්නේ.. චාරුගේ අහිංසක මූන දැක්කාම මට හැමදේම අමතක වෙනවා. එයාගේ ලස්සන දිග ඇස් පියවිලා. තොල්වල යන්තන් හිනාවක් ඇදිලා. හරිම ලස්සනයි.. සුරදූතියක් වගේ පෙනුමක් තියෙන්නේ..

චාරුගේ මූන දිහාම බලන් කෙල්ලගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් මම අතින් පිටිපස්සට කලේ මගේ මැනිකගේ මූන දිහා තව ටිකක් හොදට බලන්න ඕනේ නිසා. හ්ම්ම්.. කෙල්ලගේ තොල් පැලිලා මූන රතු වෙලා. මේ ඔක්කොම අර හිතක් පපුවක් නැති තිරිසන්නු නිසා. මගේ අහිංසකීව මට බේරගන්න බැරි උනා.. මම මොන වගේ පිරිමියෙක්ද.. මට මගේ ආදරේවත් ආරක්ශා කරගන්න බැරි උනා.. 😖

දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ.. උන දේ උනා. ඒත් අදින් පස්සේ නම් මම මගේ මැනිකට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නෑ. මගේ ජීවිතේ දීලා හරි මම මගේ කෙල්ලව ආරක්ශා කරනවා. ආදරෙයි චාරු.. හැමදාම මාත් එක්ක ඉන්න.. මමත් කෙල්ලගේ නලලට කිස් එකක් දීලා කෙල්ලව තව ටිකක් තුරුල් කරගෙන ඇස් පියාගත්තේ ටිකක් නිදාගන්න.. මොකද අපිට මෙතනින් පැනලා යන්න විදියක් නෑ. ඒ නිසා කවුරු හරි අපිව බේරගන්න එනකන් අපිට මෙතන ඉන්න වෙනව.. මට විශ්වාසයි මගේ හ්‍යුන්ග්ලා ටේකුකී දෙන්නාත් එක්ක අනිවාර්යයෙන්ම මාව හොයාගෙන එනවා කියන්න..

ඒත් අවාසනාවක මහත කියන්නේ මටයි මගේ චාරුටයි පැය භාගයක්වත් නිදාගන්න උනේ නෑ. අපි හිටපු කාමරේ දොර කර කර සද්දයක් එක්ක ඇරුනා.. ඇත්තටම අපි හිටියේ කාමරයකම නෙමේ.. හිරකූඩුවක් වගේ තැනක.. වෙනසකට තියෙන්නේ මේ හිරකූඩුවට යකඩ කූරූ ගහලා නෑ. බිත්තිවලින් ආවරනය වෙලා තඩි යකඩ දොරකින් තමා ඇතුලට එන්න තියෙන්නෙ. ඇතුලේ වෙන දේවල් මේ කාමරෙන් පිට ඉන්න අයට පේන්නේ නෑ.

❤️ My Crazy Girl 😋 || Completed || JJKOnde as histórias ganham vida. Descobre agora