Chapter 06

298 63 13
                                    

" මෝචි සම්චුන් ඔයායි ටේ සම්චුනුයි හෝබ් සම්චුනුයි ජිනී සම්චුනුයි විතරයි මට ආදරේ..🥺 "

" ඇයි බබෝ එහෙම කියන්නේ? 🤔 "

ටේහ්‍යුන්ග් කෙල්ලව එයාට හේත්තු කරගෙන අහන්නේ හරියට අප්පා කෙනෙක් තමන්ගේ දුවගෙන් ප්‍රශ්න අහනවා වගේ..

මට දැන් නම් ටික ටික ඊරිසියාව ලෝඩින්..😒😒 ඒ නිසා මම අර කෙල්ල දිහා ඔරෝගෙන බැලුවා...😏 මගේ බැල්මට කෙල්ල බය වුනා..😌

ඇයි අප්පා.. මමනේ මෙතන ලෙඩා. හ්‍යුන්ග්ලාට මං ගැන ගානක් නෑ.. හැමෝම බලන්නේ අර කෙල්ල ගැන.. 😕

හරි හරි ඉතින් ඒ කෙල්ලත් ඔලුව පලන් අත කඩන් ඉන්න එක වෙනම දෙයක්..🙄

මොනා වුනත් මමනේ හ්‍යුන්ග් ඔයාලගේ පොඩි මල්ලි.. ඒත් දැන් ඔයාලට මාව මතකත් නෑ.😒 ටේහ්‍යුන්ග්නුයි ජිමිනායිත් දැන් මාව අමතක කරලා..🥺

" පූස් සම්චුනුයි ජුන් සම්චොනුයි බබාව ගනන් ගන්නේවත් නෑ.. 😢😢 දැන් අර හා අජුස්සිත් මට ඔරෝනවා.. හුවෑ...😭😭 "

අපොයි.. මේ කෙල්ල..🤦

එරෙව්වා කියල ඔහොමත් අඩනවද දෙයියනේ..

" ඈහ්.. මොන අජුස්සි කිව්වා.. 🙄 "

කෙල්ල කියපු එක තේරුන්නැති නිසා ජිමින් ආපහු අහද්දි කෙල්ල දීපු උත්තටරේට මට ඔලුව බිත්තියේ ගහගන්න හිතුනා 😑

" හා අජුස්සි.. "

" ඒ කිව්වේ මොකක්ද බබෝ? "

ජිමිනාට තාම තේරිලා නෑ. ජිමිනාට විතරක් නෙමේ ඉතින් මේ අසරන මටත් තේරුන්නෑ.. කොහොමත් මට සිහිය ආපු වෙලේ ඉදන් මෙතන වුන දේවල් නිසා මගේ ඔලුව සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ..

" අයිගෝ... මෝචි සම්චුන්..🤦 ඔයියා ඒකවත් දන්නැද්ද අප්පා.. හා අජුස්සි කිව්වේ ලැබිට් අන්කල් කියන එක.. ඔයැයිලා දන්නෝනේ හාවාව.. අර පැන පැන යන්නේ.. 😍 හා හා හරි හාවා කැලේ මැදින් ආවා කියන්නේ .. 😃 "

" ආහ්..🤣🤣 "

මේ කෙල්ලට නම් තියෙන්නේ කටක් නෙමේ වක්කඩක්ද කොහෙද 😒

හ්‍යුන්ග්ලා ඔක්කොම හිනා වෙනවා මේකි කියන ගොන් කතාවලට.. ඇයි වදේ.. මෙයාලත් මට ඕනතරම් කතා කරන්නේ හාවා කියලා.. නිකන් ජීවිතේ පලවෙනිපාරට ඇහුවා වගේනේ දැන් හැසිරෙන්නේ 😑

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now